සටහන – රුවන් නෙළුගොල්ල
2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම අද (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි.
ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කෙරෙන ආකාරය පිළිබඳ මෙසේ අදහස් පළකරමින් විවාදය මෙසේ ආරම්භ කළේය.
“අතුරු සම්මත ගිණුමේ පළමු මාස හතර සඳහා පුනරාවර්ථන වියදම් (කුලී හැර) රුපියල් බිලියන 1000 කුත්, ප්‍රාග්ධන වියදම් සඳහා රු බි 425 කුත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාකරණයට රු බි 1175 කුත් අවශ්‍යයි. ඒ අනුව මුළු ඇස්තමේන්තුව රුපියල් බිලියන 2600 ක්. රජයේ ආදායම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1600 ක්. මූලික ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1000 යි”