ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

Date:

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 71වැනි වියේ පසු විය.

ඔහු වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වශයෙන් නිර්මාණ රැසකට දායක වූ අයෙකි.

සයිමන් නවගත්තේගමගේ “ස්ත්‍රී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගළා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක විය.

“අඹරාවක්”, “උඩුගංබලා”, “නේරංජනා”, “අන්තඃස්වරය”, “වංශක්කාරයෝ”, “කුලැත්තියෝ” සහ “අක්වැස්ස” වැනි ටෙලිනාට්‍යවල තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළේය.

එමෙන්ම “කඩවර”, “රන්තාලිය වලව්ව”, “තෙත් සහ වියලි”, “ගෞතමී”, “පින්න හරි සැරයි”, “හැන්ඳෑවක්”, “බොරදිය කඳුර”, “තරු කැට අහුරක්” වැනි ටෙලි රැසකට රංගන දායකත්වය ලබා දී ඇත.

“විරාගය” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු “උමයංගණා”, “සුදු සෙවනැළි” යන චිත්‍රපටවල රංගනයෙන් දායක විය.

මේ අනුව, වසර ගණනාවක් පුරා මෙරට කලාවට දායක වූ නිහාල් ප්‍රනාන්දු මහතා පසුගිය දින කිහිපය තුළ රෝගාතුරව සිටියේය.

ඔහුගේ දේහය රාජගිරියේ ‘ද ලාස්ට් ඔනර්’ අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, ආදාහනය අද (05) සවස 5.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...