ඇමරිකානු හමුදාව විසින් කැරිබියන් දූපත්හි බෝට්ටුවකට එල්ල කළ නවතම ප්‍රහාරයකින් සිවු දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : කැරිබියන් දූපත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටුවකට එක්සත් ජනපද හමුදාව එල්ල කරන ලද තවත් මාරාන්තික ප්‍රහාරයක් හේතුවෙන් බෝට්ටුවේ ගමන්ගත් සිවු දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම නවතම ප්‍රහාරය රාජ්‍ය ලේකම් පීට් හෙග්සෙත් විසින් මෙහෙයවන ලද බව වාර්තා වන අතර කොංග්‍රසයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සහ රිපබ්ලිකන් නීති සම්පාදකයින් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය යුද අපරාධයක් විය හැකි බවත්, එසේ නොවේනම් ඊට අදාළ වීඩියෝ පටය එළිදක්වන ලෙසත්ය.

මේ සම්බන්ධයෙන් පෙන්ටගනය තහවුරු කර තිබුණේ, යාත්‍රාව නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන නැගෙනහිර පැසිෆික් සාගරයේ දන්නා මත්ද්‍රව්‍ය ජාවාරම් මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටි බව බුද්ධි අංශ තහවුරු කළ බවයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මත්ද්‍රව්‍ය තුරන්කරන බවට කරන ලද මැතිවරණ පොරොන්දුවක් අනුව යමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි කියනු ලබන 80 කට අධික සංඛ්‍යාවක් මේවන විට ඝාතනය කර ඇති අතර වෙනිසියුලාව අසල එක්සත් ජනපද හමුදාවන් 13,000කට අධික පිරිසක් ද ස්ථානගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...

මචං රවී ….

මචං රවී, උඹ දැන් ලංකාවෙ ඇමතිකෙනෙක් නේද ? මට...

ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ...