මා DP Education ආරම්භ කළේ සිහිනයක් දකිමින්. අද ඒ සිහිනය යතාර්ථයක් වෙලා – ධම්මික

Date:

අ.පො.ස සාමාන්‍ය පෙළ සාමාන්‍ය මට්ටමේ අධ්‍යාපන සහතිකය ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපන සුදුසුකමයි. එහිදී තෝරාගත යුතු හර විෂයන් අතර මුල් තැන හිමිවෙන්නේ ගණිතයටයි.

ගණිතය අපගේ මනස වර්ධනය කරන අතරම බොහෝ ප්‍රතිලාභ ලබා දෙනවා.

ගණිතය මනස වේගවත් කරන අතර සංකීර්ණ ගැටළු වලට මුහුණ දීමට අපට කියා දෙනවා.

අපව වඩා දක්ෂයින් කරන මෙම විෂය ඉගැන්වීමේ ක්‍රම නිවැරැදිව භාවිතා කිරීමෙන් ඉගෙනුම පහසු සහ ආස කරවන එකක් වනවා.

එනිසායි අපි ඩී.පී එඩියුකේශන් වෙතින් දිවයිනේ දක්ෂතම ගුරුවරුන් යොදා ගෙන 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාමත් උසස්පෙළටත් ගණිතය විෂය වෙනුවෙන් නොමිලේම වැඩසටහන් ඉදිරිපත් කලේ. පුණරීක්ෂණ පන්ති පැවැත් වුයේ.

අද එහි ප්‍රථිපල දරුවන් ලබා තිබෙනවා.

ඒ හරහා දරුවන්ට කොවිඩ් සමයේත් විදුලිය නොපැවැති, පාසල් නොපැවැති අර්බුදකාරී අවස්ථාවේදීත් නිවසේ සිට අධ්‍යාපනය කිරීමට අවස්ථාව ලැබුණා.

මෙවර ප්‍රථිපල විෂ්ලේෂණාත්මකව බැලූ විට මට පෙනී ගියේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රථිපල අනුව ගණිතය විෂය සදහා 2020 වසරේ A සාමාර්ථ ලබාගත් පිරිස මුලු සිසුන් සංඛ්‍යාවෙන් 20% ක් වුණ බවයි.

නමුත් 2021 වසරේ A සාමාර්ථ ලබාගත් පිරිස 29% ක් ව තිබෙනවා.

මා ඩී.පී එඩියුකේශන් ආරම්භය කලේ සිහිනයක් දකිමින් …

අද එම සිහිනය යථාර්ථයක් බවට පත් වී ඇත.

එම සිහිනය රටේ අනාගත සිහිනය බවට පත් කරමු.

ඒ වෙනුවෙන් කැපවීම් කල මෙරට සමස්ත දරු පරපුරට ,ඩී.පී එඩියුකේශන් ගුරු මණ්ඩලයට සහ කාර්යමණ්ඩලයට,කැපකිරීම් කල පාසල් විදුහල්පතිවරුන්ට සහ ගුරු මණ්ඩලවලටත්, දෙමව්පියන්ටත් මාගේ ආචාරය!

ස්තුතියි!

ධම්මික පෙරේරා
නිර්මාතෘ, ඩී.පී එඩියුකේශන්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...