ඩීසල් මිල අඩු කෙරේ !

0
330

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම යන ආයතන දෙකම විසින් මෙම මිල අඩුකිරීම සිදුකර ඇත.

ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වනු ඇත.

RN