චාමික පන්දු යවන්නන් අතර පෙරමුණ රැක ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අබුඩාබි ටී 10 තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් අතරින් මේ වන විට කැපි පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වී සිටින්නේ චාමික කරුණාරත්නය.ඔහු තරගාවලියේ වැඩිම කඩුලුලාභියාගේ ගෞරවය තව දුරටත් රැක ගනිමින් දිල්හි බුල්ස් කණ්ඩායමට එරෙහිව නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන යමින් ලකුණු 6 ට කඩුලු 3 ක් දවා ගැනීමටත්,උඩ පන්දු තුනක් රැක ගැනීමටත් සමත් විය.එම කඩුලු 3 ලබා ගැනීමත් සමඟම මේ දක්වා චාමික තරග හතරකදී බිඳ දමා ඇති කඩලු ප්‍රමාණය 9 දක්වා ඉහළ ගොස් ඇත.එසේම මේ තරගයේ දී ඔහු නිව්යෝර්ක් කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් කරන ලද දායකත්වය සළකා තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි.

නිව්යොර්ක් කණ්ඩායමේ පන්දු ඕවර් 10 තුළ ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 98 ක් රැස් කරන්නට සමත් විය.ප්‍රතිවාදී ඉණිම ඒ ආසන්නයටවත් නොගෙන ලකුණු 31 රඳවන්නට මුල් වෙමින් චාමික විශිෂ්ඨ පන්දු යැවීමක සහ පන්දු රැකිමක නිරත වෙද්දී ඔහුට අනගි සහයක් වෙමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් වන අකිල් හොසේන් ද ලකුණු 7 ට කඩුලු 3 ක් දවා ගනිමින් දස්කම් දක්වන්නට සමත් විය.මේ නිසා නිව්යෝර්ක් කණ්ඩායමට දිල්ලි කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක් විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට හැකිවිණි.

තරගයේ ලකුණු විස්තරයට
https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/delhi-bulls-vs-new-york-strikers-18th-match-1410688/full-scorecard
තරගාවලියේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතා විමසා බැලීමට
https://www.espncricinfo.com/series/abu-dhabi-t10-2023-24-1410670/stats

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...