*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනතාවට සතුටු දවසක්! කලක් බලාසිටි දවස පැමිණෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (05) සිට “අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙයි.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසූවේ, එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

මෙම වාරික මුදල් ප්‍රතිලාභී පවුල් 1,406,932ක් වෙනුවෙන් ලබාදෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා, එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත වාරික මුදල් කඩිනමින් බැර කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඒ අනුව ඔවුන්ට අද දිනයේ සිට අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලබාගැනීමේ හැකියාව පවතින බවද කීවේය.

තවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික මේ වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව ද, ඊට අමතරව නව අයදුම්පත් කැඳවීම ද මේ මස ආරම්භ කරන බවයි.

සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමිවන බව පවසන මුදල් රාජ්‍ය ඇමැතිවරයා අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ සිට හිමිවිය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බවද සඳහන් වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදුකරන බවත්, මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිඟ මුදල් ද ගෙවීමට පියවර ගෙන තිබෙන බවත්, ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan