තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් උඩුයටිකුරු කළ Michaung

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Michaung සුළි කුණාටුව හේතුවෙන් පවතින අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ,ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට කුණාටුව ළඟා වී ඇති අතර, තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පහත් බිම්වල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව පැවසේ.

චෙන්නායි නගරයේ බොහෝ ජනාකීර්ණ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර, මෝටර් රථ ගසාගෙන ගොස් ගස් කඩා වැටී ඇති බවද සඳහන් වේ.

ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන චෙන්නායි ගුවන් තොටුපළද වසා දමා ඇති අතර, පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව චෙන්නායි පොලිසිය පවසයි.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් චෙංගල්පත්තු නගරයේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන අතර, කාලගුණ විද්‍යා නිලධාරීන් තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට රතු නිවේදනද නිකුත් කර ඇත.

ප්‍විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, රාන්තයේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් පුද්ගලයින් 7,000 කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති අතර, සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ ප්‍රචණ්ඩත්වය අනුව අමතර 21,000 ක් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...