*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

එක්සත් රාජධානියේ වඩාත්ම අනතුරුදායක න්‍යෂ්ටික අඩවිය වන සෙලාෆීල්ඩ් හැක් කරයි

එක්සත් රාජධානියේ වඩාත්ම අනතුරුදායක න්‍යෂ්ටික අඩවිය වන සෙලාෆීල්ඩ් අඩවිය රුසියාවට හා චීනයට සම්බන්ධ සයිබර් කණ්ඩායම් විසින් හැක් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති අතර එවැනි කිසිදු වාර්තාවක් හෝ සාක්ෂියක් ලැබී නොමැති බවට බ්‍රිතාන්‍ය රාජ්‍ය නිවේදනය කර තිබේ.

න්‍යෂ්ටික ඉන්ධන නැවත සැකසීම, න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම සහ ක්‍රියා විරහිත කිරීම සිදු කරන සෙලාෆීල්ඩ් අඩවිය රුසියාව සහ චීනය සමඟ සමීපව සම්බන්ධ සයිබර් කණ්ඩායම් විසින් හැක් කර තිබු බව පසුගියදා ගාර්ඩියන් වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබුණේ, අපගේ නිරීක්ෂණ පද්ධති ශක්තිමත් වන අතර එවැනි අනිෂ්ට මෘදුකාංගයක් අපගේ පද්ධතියේ නොපවතින බවට අපට ඉහළ විශ්වාසයක් ඇති බවයි. එමෙන්ම න්‍යෂ්ටික නියාමනය සඳහා වූ බ්‍රිතාන්‍ය කාර්යාලය (ONR)ද ප්‍රකශ කර තිබුණේ ද සෙලාෆීල්ඩ් පද්ධති හැක් කර ඇති බවට කිසිදු සාක්ෂියක් නොදුටු බවයි.

රජයේ න්‍යෂ්ටික ඉවත් කිරීමේ අධිකාරිය මගින් පාලනය වන සෙලාෆීල්ඩ් වයඹදිග එංගලන්තයේ පිහිටා ඇති අතර එහි සේවකයන් 11,000ක් සේවයේ නියුතු වේ.

සශිකලා මධුෂාණි – outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan