තේරීම් කමිටුව කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වලින් සම්පූර්ණයෙන් බැහැරට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංගගේ සහයට ශ්‍රී ලංකාව නියෝජනය කළ තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ගේ සහය ලබා ගැනීමට තීරණය වී තිබෙනවා.ඒ අනුව තරංගගේ සභාපතීත්වයෙන් යුත් එම තේරුම් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නම් කර ඇත්තේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙණ්ඩිස්, පන්දු යැවීමේ ප්‍රමුඛතාවය සහිත තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකි දිල්රුවන් පෙරේරා සහ ආරම්භක පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ තරංග පරණවිතානයි.


නව තේරීම් කමිටු සාමාජිකයින් අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල් නියෝජනය කරන ක්‍රීඩකයින් කිසිවෙක් දකින්නට නොලැබීම විශේෂත්වයක්.ආසන්නම නගර හැටියට අජන්ත මෙණ්ඩිස් (මොරටු මහා විද්‍යාලය) සහ දිල්රුවන් පෙරේා (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය) දැක්විය හැකි අතර තරංගවරු දෙදෙනාගෙන් උපුල් නිර්මාන්‍ය වන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් වන අතර තරංග පරණවිතාන කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසුකම් ලැබීම දක්වා අසීරු ගමණක් පැමිණි ක්‍රීඩකයෙක්.


තේරීම් කමිටු සාමාජිකයින් දෙස බලද්දි පැහැදීළි වන ලක්ෂණයක් වන්නේ ඔවුන් සියලු දෙනා අඩු පහසුකම් සහිතව සිය ක්‍රිකට් දිවිය ඇරඹු අය වීමයි.මේ තත්ත්වය ඔවුන්ගේ සිත තුළ ඇතිනම් ජාතික කණ්ඩායම තේරීම මෙන්ම තවත් ආකාරයක දක්ෂයන් සොයා රට පුරා යාමටත් විශේෂ අවධාවයක් යොමු කළහොත් තමන් මෙන් දුෂ්කරතා සමඟ ගැටෙන විශාල පරම්පරාවකට මඟ හසර විවර කර දිය හැකි මාවතක් තැනීමට ද දායක විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...