සිනෙත් ට 19 න් පහළ සුක්කානම හිමි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ඩුබායී හී දී ඇරඹෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනට පැවරීමට තීරණය වී තිබෙනවා.උප නායකත්වය සඳහා නම් කර තිබෙන්නේ ගාල් රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපතිට යි.
ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වන මෙම සංචිතයේ ඉතිරි ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන පාසල් පහතින් දක්වා තිබෙනවා.


පසිඳු පෙරේරා – ධර්මරාජ විද්‍යාලය මහනුවර
විශේන් හැළඹගේ – ශාන්ත පීතර විද්‍යාලය කොළඹ
රවිශාන් ද සිල්වා – පී ද එස් කුලරත්න විද්‍යාලය -අම්බලන්ගොඩ
ශරුජාන් ෂන්මුගනාදන් – ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කොළඹ
දිනුර කළුපහන – මහින්ද විද්‍යාලය ගාල්ල
විහස් තෙව්මික – තර්ස්ටන් විද්‍යාලය කොළඹ
විශ්ව ලහිරු – ශ්‍රී සුමංගල විද්‍යාලය පානදුර
ගරුක සංකේත් – ලයිසියම් විද්‍යාලය වත්තල
දුවිදු රණතුංග – මහානාම විද්‍යාලය කොළඹ
හිරුන් කපුරුබණ්ඩාර – ශාන්ත ජෝෂප් විද්‍යාලය – කොළඹ
රුසන්ද ගමගේ – ශාන්ත පීතර විද්‍යාලය – කොළඹ
දිනුක තෙන්නකෝන් – ත්‍රිත්ව විද්‍යාලය මහනුවර
රුවිශාන් පෙරේරා – ආනන්ද විද්‍යාලය කොළඹ

මෙම ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් වශයෙන් මහනුවර විද්‍යාලයේ සුපුන් වෙදගේ සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ ජනිත් ප්‍රනාන්දු ද මෙම කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත.තරගාවලියේ මූලික තරග කොටස් දෙකකට පැවත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන කාණ්ඩයෙන් බංගලාදේශය,ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...