ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් – චීන තානාපති චී ෂෙන්

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ (LNW):

ශ්‍රි ලංකාවේ අලුත් ගමනට සියලු ශක්තීන් ලබාදීමට සූදානම් බව, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අලුත් පරිච්ඡේදයක් ආරම්භ කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ , රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

මෙහිදී, එම විශ්වවිද්‍යාලයේ දක්ෂතා සහිත අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයයි සිදු කෙරුණු බව පැවසේ.

චීන තානාපති කාර්යාලය මේ සඳහා වැය කළ මුදල රුපියල් තිස් හතර ලක්ෂයකි.

සිසුන් පනස් තුන් දෙනෙකුට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණු බව වාර්තා වේ.

“ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති මිතුදමට වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙනවා.ජාත්‍යන්තර තත්ත්වය කෙලෙස පැවතුනත් ඒවා දෙරටේ සබඳතාවයට කිසිදු බලපෑමක් එල්ල කළේ නෑ.චීනය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.චීනය  ශ්‍රී ලංකාවේ හොද මිතුරෙකු හා ශක්තිමත් පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරනවා.නව ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ශ්‍රී ලංකාවට නව යුගයක් උදාවෙලා තියෙනවා.එය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.තාවකාලිකව මුහුණදුන් අර්බුදයට ශක්තිමත් ලෙස මුහුණ දෙන්න ශ්‍රී ලංකා රජයට ජනතාව හැකි වුණා.ඔවුන් මුහුණ දුන් අභියෝගයන්ගෙන් පසුව ක්‍රමිකව නැගී සිටිනවා.එමෙන්ම මේ වන විට ආර්ථිකය ශක්තමත් කරගන්න හා සමෘද්ධිය ළඟාකරගන්න හැකි වෙලා”

ලෙස ඒ මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...