ධර්මරාජ – කිංස්වුඩ් යුගලයක් මහනුවර අවසාන තරගයට රැඟෙන යයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 06,(LNW) කොළඹ :

මහනුවර ධර්මරාජ සහ කිංස්වුඩ් යනු ක්‍රිකට් පිටියේ සහෝදරයන් වන තරමට සොඳුරු එදිරිවාදීන්ය.කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ දෙපැත්තට බෙදී තරග කරන විද්‍යාල දෙකේ අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයින් යුගලයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වන අවුරුදු 15 න් පහළ ප්‍රිමියර් කුසලාන තරගාවලියේදී, මහනුවර කණ්ඩායම අවසාන තරගය දක්වා ගෙන එන්නට සමත් විය.ඒ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති අවසාන පූර්ව තරගය කඩුලු 2 න් ජය ගනිමින්ය.


ඒ ජයග්‍රහණය සඳහා පදනම් වූයේ ආරම්භක කඩුල්ල සඳහා මහනුවර කණ්ඩායමට ධර්මරාජය දායාද කර තිබෙන චනුත් ජයසිංහාරච්චි (48) සහ කණ්ඩායම් නායක කිංස්වුඩයේ චනුල් කොඩිතුවක්කු (38) එක්ව තැබූ ලකුණු 85 ක සබඳතාවයය.තරගය අවසාන භාගයේදී එම සාර්ථකත්වය කඩා වැටෙන්නට නොදී ශාන්ත අන්තෝනියෙන් මහනුවර කණ්ඩායමට එක් වුණ යනුල හේවාවිතාරණ නොදැවී රැස් කළ ලකුණු 29 ද අතිශයින් වැදගත්ය.


ලකුණු 154 ක ඉලක්කයක් වෙනුවෙන් සටන් කළ මහනුවර කණ්ඩායමට එය අසීරු ගමණක් කරන්නට අපූරු පන්දු යැවීමක නිරත වූ දඹල්ල කණ්ඩායමට මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් එකතු වූ යුමාල් එගොඩගේ ලකුණු 33 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු ගණන වූ ලකුණු ලකුණු 39 වාර්තා කළේ කුරුණෑගල ලක්දාස විද්‍යාලයේ චමෝද් ප්‍රභාෂ ය.ආරම්භක පිතිකරු ලෙස පිටියට එන, දඹුල්ලට කුරුණෑගල මලියදේවයෙන් පැමිණ නායකත්වය දෙන අකේන් සුජායන ලකුණු 38 ක් රැස් කරන්නට සමත් විය.


දඹුල්ල කණ්ඩායමට ලකුණු ලබා ගැනීම අසීරු කරන්නට ප්‍රධාන වශයෙන් බල පෑ පන්දු යවන්නා වූයේ ද මහනුවර කණ්ඩායමට පිත්තෙන් හොඳ ආරම්භයක් ලබා දෙන්නට මැදිහත් වූ චනුල් කොඩිතුවක්කුය.ඔහු ලකුණු 29 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.ශාන්ත අන්තෝනියේ සනිතු ගුණතිලකගෙන් දඹුල්ල කණ්ඩායමට ලකුණු ලබා ගැනීම ගලෙන් පට්ටයක් ගැනීම තරම් අමාරු කාර්යයක් වූ අතර ඔහු සිය පන්දු ඕවර් 10 ට ලබා දුන්නේ ලකුණු 11 ක් පමණි.කඩුලු ද දෙකක් සනුති සතු විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...