කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :

ඊයේ  (5) රාත්‍රියේ සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමකදීයි, කල්පිටිය මුහුදු තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

එලෙස , මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත්තේ, පොහොර උරයක බහා තිබියදීය.

බෝට්ටුවේ හිමිකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර, මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.