*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

විසඳුම ලංවිම විකිණීම නම්!

ඉතා දූශිත යැයි සමහරක් විසින් පෙන්වා දෙන නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ඉදි කීරීම නිසා 2014 වසරේ විදුලි බිල 25% කින් අඩු කිරීමේ හැකියාව ලැබී තිබේ. ඉන් පසු 2022 වසර දක්වා අවස්ථා ගණනාවක් ලංවිම මගින් සිදුකරන ලද විදුලි බිල සංශෝධන ඉල්ලීම් කිසිවක් රජයෙන් හෝ මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) විසින් ලබා දුන්නේ නැත. ලංවිමෙන් විදුලි බිල වැඩිකිරීමක් ඉල්ලන ලද සෑම අවස්ථාවකම, ඔවුන් ජනතාවගෙන් මත විමසමින්, විවිධ වාර්තා ඉල්ලමින්, වැඩේ නොකෙරෙන තැනට සූක්ෂම ලෙස කටයුතු කරන ලදී. එපමණකින් නොනැවතී, විදුලි බල මණ්ඩල සේවකයින්ගේ පඩි නඩි පෙන්වා ජනතාව සුපුරුදු පරිදි ගොනාට අන්දමින්, විවිධ පාර්ශව වල කූට ව්‍යාපාර හා ආදායම් මාර්ග සඳහා ඉඩ පාදන ලදී.

අඩු වියදම් ස්ථාවර බලාගාර නැවැත්වීම සඳහා පරිසර හිතකාමී නොවීම, නොමිලේ ලැබෙන සුනිත්‍ය බලශක්තිය (ප්‍රධාන වශයෙන් සූර්ය පැනල ) කරා යොමු නොවීම වැනි ප්‍රසිද්ධ මාතෘකා ඔස්සේ දිගින් දිගටම පහර දෙන ලදී. බොහෝ දෙනා කතා කරන, නොමිලේ ලැබේ යැයි සිතා සිටින සූර්ය පැනල මගින් නිපදවන විදුලිය ගැනද මදක් විමසා බැලීම වටී. සූර්ය බල විදුලි පද්ධති පරිසර හිතකාමී හා රටේ බලශක්ති සුරක්ශිතතාවයට ඉතා සුදුසු බව අවිවාදාත්මකය. මොහොතකට, වෙනත් තක්ෂණික හා මෙහෙයුම් ප්‍රශ්න සියල්ල පසෙක තබා, අපේ රට 100% ක් සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්නේ යැයි සිතමු. එහෙත් සූර්ය බල විදුලි ඒකකයක් ලංවිම මගින් මිලට ගනු ලබන්නේ රු. 37 ක මිලකටය. (නොමිලේ නොවේ) බොහෝ අය සියල්ල දන්නා සේ කතා කරනා සූර්ය බල විදුලි ඒකකයක් රු. 37 කර මිලට ගෙන, කිසිදු බෙදාහැරීම් හෝ මෙහෙයුම් වියදමක් හෝ ලාභයක් නොසලකා එම මිලටම ජනතාවට ලබා දේ යැයි සිතමු. මසකට ඒකක 60 පමණ භාවිතා කරන නිවසක බිල්පත, රු. 800 පමණ සිට රු. 2,200 පමණ දක්වා අඩුම තරමේ ඉහල යනු ඇත. කර්මාන්ත සඳහා ලබාදෙන විදුලි බිල ආසන්න වශයෙන් දෙගුණ වනු ඇත.

රාත්‍රියට ඉර නොපායන හෙයින් මෙම විදුලිය බැටරි තාක්ෂණය වැනි දෙයක් යොදාගෙන ගබඩා කර තබා ගත යුතුය. බැටරි වල මිල වේගයෙන් අඩු වෙමින් ගියද, අදාල සුවිශාල බැටරි පද්ධති සවිකර නඩත්තු කරනා වියදම් ද සැලකූ විට, ඒකකයක් රු. 50ක් වත් වනු ඇත. මධ්‍ය සාකච්ඡා වල පැමිණ බැටරි මිල ඉතා අඩු යැයි සමහර බලශක්ති විශේෂඥයින් යැයි කියා ගන්නා පිරිස් තර්ක කලද, බොහෝ විට ඔවුන් කියනා මිලට වෙලඳ පලේ කාර් බැටරියක් වත් මිල දී ගත නොහැක.

එවන් පසුබිමක සූර්ය බල විදුලිය, බැටරි සමග භාවිතා කළහොත් මසකට ඒකක 60 පමණ භාවිතා කරන නිවසක බිල්පත, රු. 800 පමණ සිට රු. 3,000 පමණ දක්වා අඩුම තරමේ ඉහල යනු ඇත. එනමුත්, නොකා නොබී අමාරුවෙන් එදිනෙදා ජීවිතය ගැට ගසා ගත්තා වුවද, අපි සුනිත්‍ය බලශක්තිය භාවිතා කරන ජාතියක් බව උදම් ඇනීමට හැකියාව ජාතියක් ලෙස අපට හිමිවනු ඇත.

එසේ වන්නේද, පෞද්ගලිකකරණයෙන් පසු පඩි නොලබා / ලාබ නොලබා සේවය කරන ආයතන බිහි වේ නම් පමණි. සූර්ය බලය නොමිලේ ලැබේ යයි සිතනා පිරිස් / සමාජ මාධ්‍ය වල සියල්ල දත් විශේෂඥයින් සේ ලිපි ලියනා පිරිස්, පෞද්ගලිකකරණයෙන් පසු මිනිසුන්ට නොමිලේ සේවය සලසන පුණ්‍යායතන වන් පෞද්ගලික ආයතනද බිහිවේ යැයි සිතීමට ඉඩ ඇති හෙයින් අප ඒ ගැන විස්තර තවදුරටත් කතා කිරීමෙන් වැලකී සිටිමු.

ලංවිම පෞද්ගලිකකරණය වුනේ නම් සියලු ප්‍රශ්න විසඳේ යැයි සිතන පාරිභෝගිකයින් ට එම මිල දැරිය හැකි නම් එම ඉලක්කය ලංවිමට භාරගත හැක. එහෙත් දැන් සිදුවන්නේ වැඩි මිලට පිරිසිදු විදුලිය (Clean Energy) මිලට ගෙන, අඩු මිලට ජනතාවට විකුණා, පාඩු ලැබ, එතකුදු නොනැවතී, බැනුම් අපහාස ලැබීමටය.

මෙසේ විදුලි බිල් වැඩි නොකිරීමෙන් හා අඩු වියදම් බලාගාර ඉදි කිරීමට රජයෙන් හා අදාල අයතන වලින් අවශ්‍ය අවසරයන් හා සහයන් ලබා නොදීම හා අකුල් හෙලීම මගින්, මෙම පිරිස් සූක්ෂම ලෙස, වැඩි වියදම් සහිත පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩි මිලට විදුලිය මිලදී ගන්නා තැනට විදුලි බල මණ්ඩලය දිගින් දිගටම තල්ලු කරති. එපමණකින් නොනැවතී, අඩු වියදම් බලාගාර තැනවීම කඩාකප්පල් කර වැඩි වියදම් බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට මග සෑදූ පිරිසම, එහි චෝදනාව ඉංජිනේරුවන් ඇතුලු ලංවිම සේවකයන් වෙතම යොමු කිරීමට ඔවුන් ඉතා දක්ෂ ලෙස කරයුතු කරති. එදිනෙදා ජීවිතයේ කටයුතු වලින් පිඩාවට පත්ව සිටින මිනිසුන් හට විවිධ මාධ්ය සංදර්ශන තුළින් විදුලිබල මණ්ඩලය හා වෙනත් රාජ්‍ය ආයතන අපකීර්තියට පත් කරමින් ගොනාට ඇන්දවීම ඔවුන් සුපුරුදු පරිදි කරගෙන යති.

ඔවුන් එතරම් ජනතාවට ආදරය පෙන්වමින් රාජ්‍ය ආයතන පාඩු කරවා වල පල්ලටම තල්ලු කරවන අතරම විදුලි බල මණ්ඩලය පමණක් නොව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් සෘජුව හා වක්‍රාකාරයෙන් අධික පාඩු ලබන තත්වයට ඇද දමන ලදී.

හොදම සෙල්ලම දැන් පැමිණ තිබේ. අවුරුදු 10 ක් පමණ කාලයක් තිස්සෙ එකදු වරක් වත් බිල වැඩි කිරීමට ඉඩ නොදුන් පාර්ශව, ලංවිම ඉල්ලීමක්ද නොමැතිව නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට සැරසේ. පෞද්ගලික ආයතනයක් ලෙස විකිණීමට පෙර ඔවුන්ට ලාභ ලැබිය හැකි පරිසරයක් සකසා දිය යුතුය. ඊට ඇති විසදුම අඩු වියදම් බලාගාර ඉදිකිරීම හා විදුලි බිල ඉහළ දැමීමයි. ඉතින්, අපි නැවත වරක් විදුලි බිල වැඩි කර, ලංවිම කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි කරවා, ලංවිම පෞද්ගලික ආයතන වලට ලාභ ලැබීම පිණිසම විකුණා දමමු ද?

විදුලි බල සේවකයින් ගේ පඩි නඩි / වරප්‍රසාද පෙන්වා ජනතාවගෙන් පෞද්ගලීකරණයට ආශිර්වාද ලබා ගැනීමට පිරිසක් සැරසේ. ලංවිමට, එහි සේවකයින්ට පාඩමක් උගනවන අදහසින්, ලංවිමට පහර වැදේ නම්, ඕනෑම බිලක් / වන්දියක් ගෙවීමට කැමැති අයට තවදුරටත් දේශපාලකයින් ගේ හා කූට ව්‍යාපාරිකයින්ගේ ගැට වලට හසු වීමේ අයිතිය සතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan