*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රොෂාන් තවමත් නියෝජනය කරන්නේ ගෝඨාභයට දුන් ජනවරම ද?

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වරක් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ඔහු ජනතා අරගලයෙන් බලාපොරොත්තු වූ දේ සිඳු කිරීමේ අපේක්ෂාවෙන් රනිල් වික්‍රමසිංහ රජයේ අමාත්‍ය ධූරය භාරගත් බවය.නමුත් ඔහු ක්‍රිඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හැට නව ලක්ෂයක් දෙනාගේ ජනතා වරමෙන් පත් වූ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් ඔහු නියෝජනය කරන්නේ හැට නව ලක්ෂයේ ජනවරම බව පැවසීය.


අධිකරණය විසින් දුන් නඩු තීන්දුවකින් මේ වන විට රටේ ආර්ථිකය විනාශය කිරිම සම්බන්ධයෙන් චගකිවයුත්තෙක් ලෙස නම් කර ඇති එක් පුද්ගලයෙක් වන්නේ හැට නව ලක්ෂයේ ජනවරම ලැබූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය.එවැනි තත්ත්වයකදී රොෂාන් රණසිංහ රටේ ඇති වූ ජනතා අරගලයේදී ගෝඨාභය රාජපක්ෂ ලැබූ ජනවරමේ ක්‍රියාකාරීත්වය ප්‍රතික්ෂේප කරමින් ඔහුට ධූරයෙන් පහව යන්නට සිඳුවන තත්ත්වයක් රටේ නිර්මාණය විය.


එහිදී පාර්ලිමේන්තුව තුළ තිබුණ බලය හිස්ගෙඩි හුවමාරුවකින් රැක ගනිමින් ජනතාවට නැවත තමන්ගේ කැමත්ත පරිදි ආණ්ඩුවක් තෝරා ගැනීමට ඉඩ නොදුන් මහජනතාව පත් කළ ජනතා නියෝජිතයෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්හ.නිසි ජනතා නියෝජිතත්වයක් ප්‍රකාශ නොවන තාවකාලිකව රටේ ඇති වී තිබුණ ආර්ථික විනාශයට පිළියම් කිරිමට අවශ්‍යය බවට ප්‍රකාශ කරමින් අටවා ගත් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් භාරගත් රොෂාන් රණසිංහ අද එම ආණ්ඩුවට දූෂණය නිල වශයෙන් රකින ආණ්ඩුවත් හැටියට චෝදනා කරන්නේය.


රොෂාන් රණසිංහ අමාත්‍යවරයා නියෝජනය කළ කඳවුර සහ ඔහු සිටි ආණ්ඩුවල ඔහු අනුමත වන්දනීය ලෙස අනුමත කළ නායකයන් සහ ඒ ආණ්ඩුවල නිලධාරීන් ලෙස සිටි නායකයන් දූෂණයට වගකිව යුතු පිරිස් ලෙස අධිකරණයෙන්ම නියෝග ලබා තිබියදී,ඒ ආණ්ඩු නියෝජනය කරමින් ඒවා අනුමත කරමින පෙනි සිටි දේශපාලනඥයෙක් ලෙස මේ මොහොතේ ඔහු කරන කතාවලින් නිර්දෝෂි දේශපාලනඥයෙක් විය හැකි ද?
ක්‍රීඩා අමාත්‍යංශයේ ඔහුගේ වාහනය හැරෙන්න ඔහුගේ නෑ හිතවතුන් වාහන පාවිච්චියට ගත්තේ නැද්ද?

මහවැලි සේවකයින් ඔහුගේ නිවසේ රාජකාරි සඳහා මුදවාගෙන සිටියේ නැද්ද,ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරයට සම්බන්ධ කිසිවෙකුටවත් අමාත්‍යංශයේ වගකීම් පවරා ඒ හරහා වැටුප් ගෙවා නැද්ද වැනි ඔහුට විරුද්ධව පිටතින් නැඟෙන චෝදනාවලට පිළිතුරු දෙනු වෙනුවට ඔහු දිගින් දිගටම දූෂකයන්ගේ අතින් මිය යා හැකි තරමට ඊට එරෙහි වූ වීර නායකයෙක්ගේ තත්ත්වයට පත්වීමට උත්සාහ දැරීම දේශපාලන ප්‍රයෝගයක් බවට ඇසෙන කතාවන් ද දේශපාලනික වශයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකිය.මන්ද මේ වන විට වත්මන් ආර්ථික තත්ත්වයට බලපාන ආර්ථික ඝාතකයන් බව නීතියෙන්ම ඔප්පු කළ ඇති පිරිසකගේ ආණ්ඩුවක,ඒ නායකයන්ට වැද නමස්කාර කරගෙන හැසිරුණ පුද්ගලයෙක්,එම දේශපාලනය ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන තැන,සිය දේශපාලන චරිතය ජනප්‍රිය කර ගැනීමේ උවමනාවෙන් කරනු ලබන ප්‍රයත්නයක් ලෙස මෙය හැඳින්වීමටද හැකියාව නැත්තේ නැත.


එසේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ද,එක් අතකින් අධිකරණයෙන් රටේ විනාශ්‍යට වගකිව යුත්තන් සේ නම් කළ අයට දඬුවම් කරන ලෙස ඉල්ලන අතරේම,එහි සිටන වගකිවයුත්තෙක්ට ලැබුණ ජනවරම ආරක්ෂා කරන්නට පෙනි සිටින සහ ඒ දූෂකයන් ලෙස තීන්දු වූ පිරිසගේ බලය යටතේ පැවති ආණ්ඩුවල වගකීම් කිසිම විරෝධයක් නැතුව දැරූ පුද්ගලයෙක් පාරිශුද්ධ ලෙස ජනගත කිරීමේ උථ්සාහයක නිරතව සිටීමද උභතෝකෝටිකය.


කෙසේ වුව ද සමාජයේ විවිධ මත අතර රොෂාන් රණසිංහ මේ මොහොතේ තමන්ට සමීප වෙමින් තිබෙන වීරයාගේ භූමිකාවේ ඉදිරි රංගනයන් සඳහා සූධානම් වෙමින් අවශ්‍යය මහජන ප්‍රේක්ෂකාගාරය සකසා ගනිමින් සිටින බවට ද,ඔහු පවතින දේශපාලන ධාරාව තුළ ජනප්‍රියත්වය රැක ගනිමින් වෙනත් දේශපාලන ගමනකට සූදානම් වන බවට ද,ඇතැමෙක් ඔහුගේ විසංවාද අමතක කර මේ මොහොතේ අවංක මැදිහත්වීමක් කරන බවට ද ඇති සංකීර්ණ සහ විවිධ අදහස් පිළිබදව ඔහුගේම පාර්ලිමේන්තු කතාවන්ගෙන් මැන බලා තීරණය කිරීමට අපි එම කතාව ඇතුළත් රූප රාමුව ද මේ සටහන අගට අමුනන්නෙමු.

https://web.facebook.com/RoshanRanasingheMP/videos/1024976925421196/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan