මොකක්ද දැන් වෙලා තියෙන වෙනස.V8 එකේ ගියපු අය ඩබල් කැබ් එකේ නම් යනවා – දිළුම්

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව තුළ සිදුව ඇති වෙනස වන්නේ V8 එකේ ගිය අය ඩබල් කැබ් එකේ යාම වන අතර වෙනදට වඩා පාර්ලිමේන්තුවෙන් කන ගානත් වැඩි වී තිබෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

කෙසේවෙතත් දැනට ආණ්ඩුවට ගැසීමක් සිදුනොකරන අතර එසේ සිදුකළ හොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වූ දෙයම සිදුවුවහොත් යළි පෝලිම්වල සිටීමට සිදුවන්නේ ජන්දය දුන් ජනතාවටම බව අමුණුගම මහතා කියාසිටියි.

නමුත් නිවැරදි කරගත් යුතුදෙවල් පිළිබද පෙන්වාදීමක් සිදුකරන අතර ජනතාවත් යළි මුලාවී සිටින බව නම් ප්‍රකාශ කරන බවයි ඔහු පවසන්නේ.

”සර්ව ජන බලය කියන්නේ, පදක්ක්කම කියන්නේ බ්‍රෑන්ඩ් නිව් පක්ෂයක්. ඒ බ්‍රෑන්ඩ් නිව් පක්ෂය දවස 30ක ජන්දයකට මුහුණ දීලා පාර්ලිමේන්තු අසුනක් ලබාගෙන අපි අපේ නායකතුමා ඒකට පත්කරලා පහුගිය සතිය වෙනකොට අපේ සංවිධායක සමුළුව පවත්වලා මේ වෙනකොට පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් යනවා. පක්ෂේ බ්‍රෑන්ඩ් වුණාට රීකන්ඩිෂන් කෑලි දෙක තුනකුත් තියෙනවා අපි වගේ. නමුත් ඉතින් බඩු හොඳයි. තාමත් හොඳට දුවනවා. මේ ආණ්ඩුවටත් අපේ ආණ්ඩුවට කරපු වැඩේ කෙරුවොත් ආපහු පෝලිම්වල ලගින්න වෙන්නේ ඔය ජන්දේ දීපු අයටම තමයි. ආණ්ඩුවත් බ්‍රෑන්ඩ් නිව් නිසා අපි තාම ගහන්න යන්නේ නැහැ. හැබැයි අපි පෙන්වා දෙනවා ආණ්ඩුවටත් මේක නිවැරදි කරගන්න පුළුවන් නම්, ජනතාවටත් අපි පෙන්වා දෙනවා සුපුරුදු පරිදි නැවතත් මුලාවෙලා ජන්දේ දීලා සුපුරුදු තත්ත්වය අනුවම යනවා. මොකක්ද දැන් වෙනස් වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවේ අපි හිටියනේ. ඒ ආණ්ඩුව කරපු දේවල්වලින් අද වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ මොකක්ද? V8 එකේ ගිය අය ඩබල් කැබ් එකේ යනවා. ඒක හොඳයි කියමුකෝ. පාර්ලිමේන්තුවෙන් කන ගාන වැඩිවෙලා තියෙනවනේ. ඉස්සර පාර්ලිමේන්තුවේ කෑවේ 60ක් 70ක් දැන් 160ක් අනිවාර්යයෙන් උදේටත් කනවා. දවල්ටත් කනවා. 160 ප්ලස්. හැමදාම පිගන් 10ක් 12කුත් බිඳෙනවා.” යනුවෙන් අමුණුගම මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ජනපති අතින් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

පුනරුදයේ පුරවර අදින් ඇරඹේ!

කොළඹ LNW: ‘පුන­රු­දයේ පුර­වර’ පළාත් පාලන සතිය ක්‍රියාවට නැංවීමේ...

රටේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකතු වෙන්න ඕනේ. රනිල්ට නායකත්වය දෙන්න පුළුවන් – වජිර

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් සියලු නායකයින් එකම...

මමත් බඩු පටවනවා. හෙට අනිද්දම යනවා – මෛත්‍රී

කොළඹ LNW: ඉදිරි දින දෙක තුන තුළ තමන්ද නිල...