කවුරු කයිවාරු ගැහුවත් IMF එකෙන් පිට පනින්න බැහැ. පැන්නොත් රටම ඉවරයි!

Date:

කොළඹ LNW:කවුරු කොහොම ඇවිත් කයිවාරු ගැහුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවෙන් පිට පැනිය නොහැකි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

එම එකඟතාවෙන් පිට පැන්න හොත් යළි රට තුළ අරගල ඇතිවී රට විනාශ වෙන බවයි හිටපු අමාත්‍යවරයා පැහැදිලි කළේ.

මේ යථාර්තය ගැන තමන් ඇතුළු පාර්ශවය එදා කිව්වද වත්මන් ආණ්ඩුවේ පිරිස ඊට එරෙහිව කතා කළ බවද සේනාරත්න මහතා සිහිපත් කළේය.

”ආණ්ඩුව ඇවිල්ලා ටික කලකින් රජය පැහැදිලිව ප්‍රකාශ කළා අපි IMF ගිවිසුමෙන් පිට යන්නේ නැහැ. ඒගොල්ලෝ පැහැදිලිව කිව්වා රනිල් වික්‍රමසිංහ රජය IMF එකත් එක්ක ඇතිකරගත්ත එකඟතාව පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියල. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්තියත් ඒකයි කියන එකනේ. ඒ වගේම කිව්වා මේ අත්සන් කරලා තියෙන ගිවිසුම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියනවා කියල. ඒ වගේ පැහැදිලි ප්‍රකාශ කළා ඇමෙරිකානු අධිකරණයට ලිඛිතවම අත්සන් කරලා යැව්වා එහෙ තියෙන නඩු විභාගයට. මේකේ එක අංගයක් තමයි විදුලි බිල වැඩි වෙනවද අඩුවෙනවද යන්න තීරණය වෙන්නේ විදුලි බල මණ්ඩලය ඇතිකරගන්නා වූ සූත්‍රය යටතේ. දැන් ඒ සූත්‍රයෙන් වෙනස්වෙන්න බැහැ ආණ්ඩුවට. මේ යතාර්ථයන් එදා කියනකොට මේ යතාර්ථයට එරෙහිවනෙ ඔවුන් කතා කළේ. ඔවුන් කිව්වා රු.150ක බද්දක් ගහනවා. රු.42යි වාරයේදී අනිත් එකට රු.52යි.පෙට්‍රල්,ඩීසල් ගැන කිව්වේ එහෙමයි. විදුලි බිලටත් කිව්වේ මෙච්චරයි වියදම් වෙන්නේ. මෙච්චරක් ඇමතිවරුන්ගේ සාක්කුවට යනවා. ඒවා අපි නවත්වනවා. එතකොට මිල අඩුවෙනවා. එහෙමනම් අද කාගේ සාක්කුවට ද යන්න ඕනේ. එහෙම නැත්නම් මෙය තමයි යතාර්ථය. මේ යතාර්ථයට එරෙහිව තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගියේ. අපි ඒක පැහැදිලිව කිව්වා. ඒකයි මම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක එකතු වුණේ. වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ අතිවිශිෂ්ට වැඩපිළිවෙලක් කළේ. මුළු ජාත්‍යන්තරයම ප්‍රශංසා කළා. ඒකෙන් එළියට යන්න බැහැ කවුරු ආවත්,කවුරු කයිවාරු ගැහුවත්. එළියට ගියොත් නැවත අරගල ඇවිල්ලා මේ රට විනාශයකට පත්වෙනවා. ඉතින් මේ යතාර්ථය බොරුකරගෙන ආපූ ආණ්ඩුවකට මම දන්නේ නැහැ කොච්චර කාලයක් ආයුෂ තියෙයිද කියල. එන්න කලින් එක ලෝකයක් පෙන්නවලා ආවට පස්සේ තිබුණ ලෝකෙම යද්දී කොච්චර කල් ජනතාව ඔවුන්ට ඉඩදෙයිද කියල දන්නේ නැහැ.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිසබේට නෑගම් ආ නයා ….

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...