දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ජනතාව පාලකයන්ගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙම සතිය මුලදී රටතුල යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පසු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමට අදාළ තොරතුරු හෙළිදරවු වීම හේතුවෙන් හා ධුරයේ බලය අනිසි ලෙස භාවිතා කිරීම හේතුවෙන් උතුරු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් ධුරයෙන් පහ කිරීම වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන ලද දෝෂාභියෝගය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වර්ජනය කර ඇති බව වාර්තා වේ.

පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය සාමාජිකයන් 200 (මණ්ඩලයෙන් තුනෙන් දෙකක්) ප්‍රමාණයෙන් දැනට මන්ත්‍රීවරුන් 192ක් සිටින විරුද්ධ පක්ෂවලට පනත සම්මත කර ගැනීම සඳහා එය අනුමත කිරීම සඳහා පාලක මහජන බලය පක්ෂයෙන් (PPP) මන්ත්‍රීවරුන් අට දෙනෙකු අවශ්‍ය වේ.

මේ සම්බන්ධයෙන් මහජනතාව සිය නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබුණේ යූන් සුක්-යෙයෝල්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙසයි. කෙසේ වෙතත්, පාලක පක්ෂයේ (PPP) මන්ත්‍රීවරුන් තිදෙනෙකු හැර අන් සියල්ලෝම දෝෂාභියෝගය වර්ජනය කර ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කොපමණ නීති සම්පාදකයින් පැමිණේද යන්න පැහැදිලි නොමැති අතර, එය රහස් ඡන්දයක් ලෙස සිදු වන අතර නිර්නාමිකව පවතී.

කෙසේ නමුත් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබු අතර මෙම අවස්ථාව වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...