ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙනවා – ඩොනල්ඩ් ලු

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර අද (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී, ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව ඩොනල්ඩ් ලු මහතා පවසා ඇත.

වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් , ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය

දේශපාලන, ආර්ථික හා සමාජීය කාරණා සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගනිමින් නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී අමෙරිකානු රජයේ ඇගයීමට ලක්වී තිබේ.

ශ්‍රී ලංකාවේ දූෂණ සහ නාස්ති කිරීම සම්බන්ධයෙන් දේශපාලන සංස්කෘතිය සෘජුව බලපා තිබෙන බවත් නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම තුළින් දූෂණය සහ නාස්ති අවම කිරීමට කටයුතු කරමින් සිටින බවත් , මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ, ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් නවීන තාක්ෂණය රාජ්‍ය සේවයට හඳුන්වාදෙමින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්ය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...