චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW:

කාන්තා එක්දින ලෝක සූරියන් වන ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග පහක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.රටේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජනතාව සිටින පීඩාකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා මානසිකව වැදගත් තැනක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබන ක්‍රිකට් ජයග්‍රහණවලට ද අයිති බව ඇත්තකි.ඒ නිසා මේ තරගාවලියේදී උදා වී ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනදාටත් වඩා වගකීමකින් ජාතිය නියෝජනය කරන මොහොතක්ය.


බොහෝ දේ අහිමිව සිටියදී ද අවතැන් කඳවුරුවල සිට නැතිනම් අවතැන්ව සිට රටේ ජාතික කණ්ඩායමේ තුන්දින තරගාවලි ජයග්‍රහණ ගැන සොයා බැලූ පිරිස් පසුගිය දිනවල අපි දුටිමු.එසේම මේ විපතේදී ඊට ගොදුරු වූ අයට ආදරය සහ රැකවරණය ලබා දීම වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 300 ක් ද දෙමින් තව දුරටත් ක්‍රිකට් ලෝලියාගේ හදවතට ක්‍රිකට් සමීප කර ඇති මොහොතක චමරි අතපත්තු ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය සංචාරයේදී දුකෙන් තැවෙන රට වැසියන්ට නැවත සතුට කාන්දු කිරිමට විශාල උවමනාවක් ඇති බව අපි ද විශ්වාස කරන්නෙමු.


විශේෂයෙන් මෙවර සිඳු වූ ව්‍යසනකාරී තත්ත්වයන් තුළ චමරි අතපත්තු ප්‍රමුඛ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ද ඇත්තේ හොඳ අත්දැකීම් නොවිය හැකිය.චමරිගේ උපන්ගම ආසන්නයේ ද නායයාම් පවා වාර්තා විය.මේ සියල්ල වෙනුවෙන් ඔවුන් ලබන ජයග්‍රහණ වෙනදාට වඩා බරින් රටට දැනෙනු ඇත.බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මේ සංචාරයේදී අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ අලුත් මුහුණු ගැන ද සංචිතය කැඳවීමේදී සළකා බලනු ඇතැයි සිතිය හැකිය.එමෙන්ම ඉදිරි බලාපොරොත්තු සහිතව චමරිගේ උප නායකත්වයට තරුණ ක්‍රීඩිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම හෝ කවීශා දිල්හාරි රැඟෙන එන්නට ද ඉඩ ඇත.


තරග සංචාරයේ තරග යෙදී ඇති ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ ආකාරයටම මෙහි ප්‍රධාන ඡායාරූපයට ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...