ආපදාවෙන් දිවයින පුරා සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ නිවාස ගණන 4,000 ඉක්මවයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නවතම වාර්තාවක් නිකුත් කර ඇත.

එම වාර්තාවට අනුව, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇති බව සඳහන් කර ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066ක් අර්ධ හානි සිදුව ඇති බවත්ය.

ඒ අනුව, සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,800කි. දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573කි. තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480ක් බවත් එහි සඳහන් වේ.

අර්ධ වශයෙන් හානි වූ නිවාස වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 13,044කි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575ක් ද  රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200ක්ද අර්ධ වශයෙන් හානි වී ඇතැයිද සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...