ඕස්ට්‍රේලියානු රජය විපතට පත් ජනතාවගේ පෝෂණ ගැන සිතයි: මිල 3.5 ක සබලකරන ලද විස්කෝතු මෙට්‍රික් ටොන් 70 ක් මෙරටට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW :

අද (07) උදෑසන ගංවතුර ආපදා තත්වයෙන් විපතට පත් වී දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල සහ තවමත් හුදෙකලා වී සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ මට්ටම බිද වැටීමට නොදී ස්ථාවරව තබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු රජය විසින් සබලකරන ලද අතිරේක පෝෂණීය ආහාරයක් ලෙස සකස් කළ විස්කෝතු තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව වාර්තා වේ.

මෙට්‍රික් ටොන් 10.02 ක් බරැති මෙම විස්කෝතු තොගය පළමු තොගය ලෙස අද දින කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර ඒවා මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල වාසය කරන , දැනට සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල සහ හුදෙකලා වී සිටින ජනතාව අතර බෙදාහැරීමට නියමිතය .ඕස්ට්‍රේලියානු රජය ලෝක ආහාර වැඩසටහන සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 ක් වටිනා මෙම විස්කෝතු මෙට්‍රික් ටොන් 70 ක් මෙරටට ලබා දීමට නියමිතය .

මෙම විස්කෝතු තොගය ඕස්ට්‍රේලියානු රජය විසින් ඩුබායි හි පවත්වා ගෙන යනු ලබන ගබඩාවක සිට අද දින අලුයම 06.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පිලිප් වෝඩ් සහ ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ , ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...