සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ. ඒක ඡන්දය දිනන්න රාජපක්ෂලා ගහපු මඩක් විතරයි – සජිත් (VIDEO)

Date:

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ වංචා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට හරිගුප්තා රෝහණධීර, ගෝඨාභය ජයරත්න සහ ගාමිණි සරත් එදිරිසිංහ යනාදීන් පත් කරමින් ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කළත් එම වාර්තාව ඒ කිසිවෙක් අත්සන් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස වන තමාටත් සමගි ජන බලවේගයටත් මඩ ගැසීමේ අරමුණින් බවත් මෙහි දී සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් සහ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් මේ අත්සන් නොකළ වාර්තාව පදනම් කර ගෙන තමාට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැමු විට අල්ලස් කොමිසම කියා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බැවින් ඉදිරි කටයුතු නොකරන්නේය යනුවෙන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අල්ලස් කොමිසම මෙවැනි දෙයක් කියූ පසු විශ්‍රාමික මහඅධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන නිලධාරි ඩබ්. පී. ගුණපාල සහ ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ විශ්‍රාමික නිලධාරි එම්. බී. වීරකෝන් යනාදීන්ගේ මූලිකත්වයෙන් තවත් කමිටුවක් පත් කරමින් වාර්තාවක් සකස් කළත් එම වාර්තාව ද එළි නොදක්වන බවත් එයට හේතුව එම වාර්තාවේ හිටපු සංස්කෘතික කටයුතු ඇමතිවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති වීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6) පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...