වසර 14 වසරකට පසුව හිටපු යුද හමුදා සාමාජිකයකුට මරණ දඬුවම!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2009 ඔක්තෝම්බර් 02 වැනිදා, මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළ දී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති බව වාර්තා වේ.

මෙම හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන්වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර ඇත.

අනතුරුව වසර 14 වසරකට පසුව , මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදුන් බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...