ඔබත් ” ඩිජිටල් රාජ්‍ය පෝරම” ගැන දැනුවත්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් ක්‍රමයක් “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී ඇත.

පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ, ඕනෑම තැනක සිට ප්‍රවේශ වෙමින් ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙම ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේ දී සාර්ථකව දියත් කරන ලදී.


සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින් ම පාහේ නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.‍

ජනතාවට කාර්යාල වෙත නො පැමිණ නිවසේ සිට ම සේවාවන් ලබා ගැනීමට හැකි වීම නිසා කාලය මෙන් ම මුදල් ද ඉතිරි වේ. පුරවැසි කේන්ද්‍රීය සේවාවක් ලෙස රාජ්‍ය අංශයේ සේවාවන් ඉතා කාර්යක්ෂම හා ඵලදායී ආකාරයෙන් ජනතාවට ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. පුරවැසි දත්තවල සුරක්ෂිත බව තහවුරු වීම, පෞද්ගලික දත්ත නිරාවරණය නොවීම මෙන් ම සේවා සැපයීමේ දී දත්ත වෙත කඩිනමින් යොමු වීමේ පහසුව ද මේ ඔස්සේ හිමි වේ.

කඩදාසි භාවිතයෙන් තොර වීම නිසා පරිසර හිතකාමී රාජ්‍ය සේවාවකට ද මඟ පෑදෙන අතර කඩදාසි ලේඛන කළමනාකරණ, නඩත්තු කිරීමේ, ආරක්ෂා කිරීමේ සහ ගබඩා බරින් ද රාජ්‍ය සේවා නිදහස් වේ. පුරවැසියන්ගේ අවශ්‍ය තොරතුරු ඍජු ලෙස ඔවුන් වෙතින් ම ලබා ගත හැකි වීම මඟින් එහි විශ්වසනීයත්වය තහවුරු වීම ද මෙයින් ඇති වාසියකි.

තව ද 2025 වසර අවසන් වන විට පුරවැසියන්ගෙන් අවම වශයෙන් 25%ක් රාජ්‍ය සේවා සඳහා අන්තර්ජාලය හරහා ආකෘති පත්‍ර ඉදිරිපත් කරනු ඇතැයි ද එම පුරවැසියන්ගෙන් 75%ක් පමණ මෙම ඩිජිටල් විසඳුම පිළිබඳව තෘප්තිමත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

පුරවැසි සේවාවන් කාර්යක්ෂමව සහ ඵලදායීව ලබා දීම වඩාත් අ‍ර්ථවත් කිරීමේ අරමුණෙන්, ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මෙරට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි බව ICTA වැඩිදුරටත් සඳහන් කරයි.

ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම පිළිබඳ වැඩි විස්තර forms.gov.lk වෙත පිවිසීමෙන් ඔබට ලබාගත හැක.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...