කොළඹ LNW: ඉදිරියේදී විදුලි බිල සඳහා වැට් බදු අගය එකතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
වැට් බද්ද එකතු කළද පවතින තත්ත්වයට වඩා සහනයක් ලැබෙනු ඇති බවයි රණතුංග මහතා සඳහන් කරන්නේ.
“අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටලුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරි, පෙබරවාරි මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා.විදුලි බිලට වැට් බද්ද එක්තු වෙනවා. හැබැයි තිබෙන තත්ත්වයට වඩා සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.
ASK