ශ්‍රී ලංකා 17 න් පහළ යෞවනයන්ට පළමු තරගයෙන් ලකුණු 78 ක් පරාජයක්.

Date:


නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW
:

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ සහභාගි වූ පළමු එක්දින තරගය ලකුණු 78 න් ජය ගන්නට සමත් වුණේ අවුරුදු 17 න් පහළ බංගලාදේශ කණ්ඩායමයි.බංගලාදේශ ජයග්‍රහණයට පදනම වූ අබිරිටෝ ගෝස් රැස් කළ සුපිරි ශතකය බංගලාදේශ ඉණිම පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 271 දක්වා ඔසවා තැබුවා.


පන්දු 138 න් නොදැවී ලකුණු 103 ක් ලැබූ ගෝස් හැරුණු විට බංගලාදේශ ඉණිමේ දකින්නට ලැබුණේ ලකුණු 30 ගණන් ලෙස දකින්නට ලැබුණු ඉණිම් තුනක් පමණක් වූ අතර ගෝස් ඔවුන් ද ඒකරාශි කර ගනිමින් හොඳ කඩුලු සබඳතා පවත්වමින් බංගලාදේශ ඉණිම ශක්තිමත් කළා.ඒ නිසාව අවිවාදයෙන් මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුට හිමි විය යුතු තරගයේ වීරයා ස්මානය ඔහුට හිමි වූ අතර,ශ්‍රී ලංකාවේ බොහෝ පන්දු යවන්නන් සැළකිය යුතු ප්‍රහාරයකට ලක් වෙද්දි යළිත් සාර්ථක වූ හිමරු දේශාන් ලකුණු34 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.


ලකුණු 272 ක් ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමේ අදිටනින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ඉක්මණින් දවා ගැනීමෙන් ඉනික්බිති බංගලාදේශ පන්දු යවන්නන් දිගින් දිගටම අවශ්‍යය ලකුණු ලබා ගැනිමේ වේගයට පිවිසීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට බාධා ඇති කරනු ලැබුවා.ඒ බාධාවන් හී පලදායී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ඉණිම පන්දු ඒවර් 50 තුළ ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී ලකුණු 193 ක් පමණයි.එහිදී හුදෙකලා සටනක නියැලි කඩුුලු රකින ජේස්න් ප්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබා ගනිමින් සටන්කාමී ඉණිමක් දියත් කරනු ලැබුවා.බංගලාදේශ පන්දු යවන්නන් හත් දෙනෙකු අත ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 7 බෙදී ගොස් තිබුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ වීරයා ලෙස ඇගයීමට පාත්‍ර වූ අබ්රිටෝ ගෝස් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...