රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :


අද (08) දින උදෑසන, මහජන චීන ජනරජය විසින් මෙරට ආපදාවට පත් වී සිටින ජනතාව සදහා පරිත්‍යාග කළ රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

එලෙස භාණ්ඩ රැගෙන පැමිණියේ චීන ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන බෝයිං 747 – 400 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බව සඳහන් වේ.

අද උදෑසන 10.47 ට චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර, එම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 84,525 ක් බරැති ජීවිතාරක්ෂක කබා , කූඩාරම් , බ්ලැන්කට් සහ ඇද ඇතිරිළි තොගයක් තිබුණි .

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී
චැන්ග් හොන්ග් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...