කොළඹ LNW: ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් අද (08) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
ඒ,නුවරඑළිය,මහනුවර තැපැල් කාර්යාල සතු දේපල විකිණීමට විරෝධය පළකිරීම,සියලුම තැපැල් සේවකයින්ට රු.20,000 දීමනාව ලබා ගැනීම සහ තැපැල් පරිපාලනයේ සේවක ගැටළු විසදීමට බලකරමිනි.
තැපැල් වෘත්තීය සමිති සියල්ලම පාහේ මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වූ අතර ඊට පොලීසියෙන් බාධා කිරීමක් සිදුවුයේ නැත.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න