*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අධ්‍යාපනේ වෙනසක් ඇති කළත් වෙනස් කරන්න බැරි පාර්ලිමේන්තුව!

කොළඹ LNW:විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් අධ්‍යාපනය තුළ ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ධකෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරන ලදී.

ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (7) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 52 වැනි අදියර යටතේ උතුරු කොළඹ සාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ පාර්ලිමේන්තු පුස්තකාලයේ පොත්, පත්තර සහ සඟරා කියැවීමෙන් බවත් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදු කළ සම්මුක සාකච්ඡාවක් බැලීමෙන් එහි ඇත්ත නැත්ත සොයා බැලිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය අධ්‍යාපනය තුළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුවේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න විශාල කාලයක් යා හැකි බව යි.

ප්‍රතිපත්ති, අනපණත් සකස් කරන පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සාක්ෂරතාව ඉහළ දැමිය යුතු අතර එය සහතික පත්‍රයට සීමා නොවි ක්‍රියාවෙන්ම වර්ධනය කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

එමෙන් ම අනාගතයේ දී කර්මාන්තශාලාවල සේවය කරන පුද්ගලයන් අවම වී රොබෝ යන්ත්‍ර පැමිණිය හැකි නිසා අනාගතයේ දී හොඳ ආදායමක් ලැබිය හැක්කේ බුද්ධිය, නව ක්‍රමවේද ගැන අවබෝධයක් සහිත පුද්ගලයන්ට බවත් එකී නව ලෝකයට 41 ලක්ෂයක් දූ දරුවන් යොමු කිරීම සඳහා අවශ්‍ය මාර්ගය සකස් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම මේ ලොකේ ඕනෑම දෙයක් හොරකම් කළ හැකි වුවත් දැනුම, බුද්ධිය, ඥානය හොරකම් කළ නොහැකි හෙයින් එය මැරෙන මොහොත දක්වා අප සතු මහා දැවැන්ත ශක්තියක් සහ සම්පතක් බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan