ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ!

Date:

කොළඹ LNW: සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් 2023.12.05 පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී තිබුණි.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණු අතර එහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර ඇත.

ඒ අනුව සෙෳඛ්‍යට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 6ක සහන කාලයක් ලබාදී ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබා දී තිබේ.

විශේෂයෙන් ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිතා නොවන බව පෙන්වා දුන් පරිසර අමාත්‍යාංශ නිලධාරීහු ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම කාරක සභාවට පෙන්වාදී තිබුණි.

පරිසර පනත සංශෝධනය සඳහා දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන කාරක සභාවේදී සලකා බැලූ අතර පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක්ම යෝජනා කර ඇති බව ද නිලධාරීන් සඳහන් කර ඇත.

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබා දියයුතු බවට කාරක සභාව මෙහිදී යෝජනා කර තිබෙන අතර ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිතා කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බව නිලධාරීන් පවසා තිබුණි.

එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික් ‍බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කර ඇත.

එමෙන්ම ලංකාවට දැනට ආනයනය කරනු ලබන එක් වරක් පමණක් භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපකරණ හා ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ලැයිස්තු ගතකර කාරක සභාවට මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...

ආයෙත් හිතමු…

ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා...

අද විපක්ෂයෙ දේශපාලනය සෝදා පාලුවට ලක් වෙලා – වමේ කේන්ද්‍රය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඊයේ (10) දින...

2026 අශ්වයාගේ වසර පිළිගන්න චීනය සූදානමින්!

කොළඹ LNW: චීනය අනන්‍ය මෙන්ම විශේෂ සංස්කෘතික වටපිටාවකින් සැදුම්...