*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රජයේ අලුත්ම ධන උල්පත!

කොළඹ LNW: ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒ ක්‍රම සහ විධි කාරක සභාව විසින් මේ වසරේ සිදු කළ කාර්යය කටයුතු වල ප්‍රගතිය පිළිබඳ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

මෙම කාරක සභාවේ මූලික අරමුණු කිහිපයක් තිබුණු අතර ඉන් එකක් වන්නේ ආණ්ඩුවට ආදායම් ගෙන එන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම්කරණය පිළිබඳව, ඇති ප්‍රශ්න,ගැටළු හඳුනාගෙන, ඒ අනුව යම් යම් යෝජනා මුදල් අමාත්‍යාංශයට හා ආණ්ඩුවට යෝජනා කිරීම හා ක්‍රියාත්මක කිරීම බව රණවක මහතා සඳහන් කළේය..

එමෙන්ම සමාජ සුබසාධන යාන්ත්‍රණය, සමෘද්ධි වැඩසටහන, අස්වැසුම හා වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා වැනි දේ පිළිබඳව යම් යම් තීරණ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට උපකාර කිරීම, මාර්ගෝපදේශයන් ලබා දීමත් ස්වභාවික විපත් ඇතුළු ආපදා කළමනාකරණය පිළිබඳව කටයුතු කිරීමත් ගැන එහිදී විශේෂ අවධානයක් යොමු කළ බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

කමිටුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සියලුම මන්ත්‍රීවරුන්ගේ සෘජු දායකත්වයෙන් සහ සහයෝගයෙන් තම වගකීම් මනාව ඉටු කරගන්නට හැකි වුණු බවයි ඔහු පැවසුවේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන 900කට වැඩි ප්‍රමාණයක් ආදායම් එකතු කිරීමට කටයුතු නොකොට ඇති බවත් ඒ ආදායම් වලින් බිලියන 170 ක් පමණ වහාම එකතු කරගත හැකි ආදායම් බවත් පැවසූ සභාපතිවරයා සෙසු ආදායම් බදු නඩු හබ ආදිය නිසා දැනට එකතු කිරීමට අපහසු තත්ත්වයේ පවතින බවත් සඳහන් කළේය.

බදු නොගෙවා සිටින ආයතන සහ පුද්ගලයින් සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් යෝජනා 4ක් හඳුන්වා දුන් බව පැවසූ ඒ මහතා,
බදු නොගෙවා ඉන්න අය වසර දෙකක් ඇතුළත, බදු අභියාචනා අවසන් කරලා ඒ කටයුත්ත නිම කළ යුතු බවත්, දැනට ඇතැම් බදු අභියාචනා කටයුතු වසර 15 ඉක්ම වූ ඒවා බවත්, පනතට අනුව සෘජු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස දැන්වූ බවද සඳහන් කරන ලදී.

බදු නොගෙවන්නේනම් දේපළ පවරා ගැනීම හෝ සිදු කළ යුතු බවත් මේ වනවිට 2020 වසරට සාපේක්ෂව රටේ සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂයක් පමණ බදු වශයෙන් ගෙවා ඇති බවත් ඉදිරි වසර සඳහා ආණ්ඩුව පැනවීමට බලාපොරොත්තුවන බදු නිසා එක් පුද්ගලයෙක්ට තවත් රුපියල් 30,000ක් ආණ්ඩුවට ගෙවීමට සිදු වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ බලාපොරොත්තුව එය වුවද, එකතු නොවුනු බිලියන 179 ක් ඇති බවත් ඒවා වහාම පනතට අනුකූලව බැංකු ගිණුම් වලින් හෝ දේපළ වලින් එම බදු අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කමිටුව මගින් මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කළ බවද එහිදී සභාපතිවරයා පැවසුවේය.

රට තුළ කිසිදු බදු වැඩි කිරීමකින් තොරව, පවතින බදු ප්‍රමාණයම විධිමත් එකතු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ඩිජිටල් වේදිකාවක් සැකසීම මගින් 45%කින් පමණ වැඩි කරගැනීමට හැකි වූ බවයි ඔහු පෙන්වාදුන්නේ.

රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මැදිහත් වීමක් සිදු කළ බවත් එහිදී රේගුව සිදුකරන වැරදි නිසා රටට ඩොලර් බිලියන පහකට අධික මුදලක් අහිමිවන බවද පෙන්වා දුන්නේය.

වරායේ සහ ගුවන් තොටුපලේ ඇති ස්කෑන් යන්ත්‍ර වෙනුවට කෘතිම බුද්ධිය භාවිතයෙන් ව්‍යාජ දේ හඳුනා ගැනීම, හොර බඩු ආදිය හඳුනාගැනීමට යාන්ත්‍රණයක් සැකසීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව සඳහන් කළ සභාපතිවරයා වංචනිකයින් ගෙන් 300% බදු අය කිරීමට රේගුවට නියෝග ලබා දුන් බවත් ජුනි මස සිට මේ වනතෙක් රේගුවේ ආදායම තුන් ගුණයකින් වැඩි වී ඇති බව සඳහන්.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කිරීම ට මැදිහත් වූ බව සඳහන් කළ ඒ මහතා, ව්‍යාජ ස්ටිකර් භාවිත කොට මත්පැන් වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරම නතර කිරීමට මැදිහත් වීම තුළින් සුරා බදු දෙපාර්තමේන්තුවට බිලියන ගාණක අතිරේක ආදායමක් එකතුවෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

මේ වසරේ රාජ්‍ය ආදායම මාස 9 ක් තරම් කෙටි කාළයක් තුළදී රාජ්‍ය ආදායම බිලියන 1500කට ආසන්න ප්‍රමාණයක් දක්වා එකතු කර දීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අපිට හැකිවුණා යැයි මෙම ක්‍රම සහ විධි කාරකසභා මාධ්‍ය හමුවට එක්වෙමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

විදුලි බිල ඒකක 30ට අඩුවෙන් ඇති අය සඳහා අස්වැසුම ලබා දීමට කටයුතු කළේ නම් එහි ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වය පහව යන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan