ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක්කටා” සහ සළිදූ මල්ෂිත නොහොත් “කුඩු සළිඳු” තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අද (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති නම් ඔහුව වහාම සුදුසු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඉකුත් 06 වනදා නියෝග කර තිබුණි.
ඒ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමිනි.
RN