සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක් සඳහා අවශ්‍ය රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන යාන්ත්‍රණය ශක්තිමත් කරන එක. ඉනුත් ප්‍රධානම දෙය තමයි IMF එකේ ඉල්ලීම් මොකක් උනත් ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් පාර්ශව ලාභ නොලැබුවා වුනත් ඒවා ශක්තිමත් ලෙස පවත්වා ගත යුතු බව.
එකක් තමයි ගෝලීය විද්‍යාත්මක තොරතුරු සහ පුරෝකථන එක්ක එකට සම්බන්ද වෙච්ච ලාංකික කාලගුණ, භූ විද්‍යා, ආපදා කළමනාකරණ, සහන ලබාදීමේ යාන්ත්‍රණය ඉතාම හොඳින් යලි පිහිටුවන එක. ඇතැම් කාලවල ඒවා වැඩක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අලාභ කාලවල ඒවාට ලබාදෙන මුදල් කපාදමල අපි ලාබය පෙන්නල භාණ්ඩාගාරය පුරවල IMF එක සතුටුකළාට වැඩක් නැහැ අර ඔක්කොම ලාබෙ එක සුළි කුණාටුවෙන් ඉන්දියන් සාගරයට ගසාගෙන යනවානම්.
ලෝබයින්ගේ දේ කූඹි කනවා කියල පැරණි කියමනක් තියනවා. මිනිස්සු හූල්ල හූල්ල ඉඳිද්දී භාණ්ඩාගාරේ පුරවල වැඩක් නැහැ. මේ උනේ ඒක.
මෙතැනදී පෙනෙන දේ තමයි පැරණි දේශපාලනය වගේම (ඒ කියන්නේ රනිල් පටන් ගත්ත IMF වැඩේ වගේම) ඒ පාරේම යන්න යන ජාතික ජන බලවේගේ දිශානතියත් අසමත් කියන එක. ඒ කියන්නේ යන්තම් බදු එකතු කරලා ගැට ගහගෙන IMF ගයිඩ්ලයින් එකේ විතරක් ගිහින් වැඩක් නැහැ කියන එක සහ අපේම වැඩක් නැතුව අපිට ගොඩයන්න බැහැ කියන එක. අපිට දැන් අපිටම ආවේණික ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා අපිම විසඳාගත යුතු.
දේශගුණ විපර්යාස අපිට දැන් තදින් දැනෙනවා. කඳුකරය ගැන ජනාවාස ගැන නැවත හිතන්න වෙලා තියනවා. ඒවා පොඩි ප්‍රශ්න නෙවෙයි. දැන් අපි දන්නේ සහ සුදානම් වෙන්නේ ගංවතුර සුළිකුණාටු වලට විතරක් උනාට අලුත් ප්‍රපංච ගොඩක් ඇතිවෙන්න පුළුවන්. ඊයෙත් ජපානේ හෙල්ලිලා. සුනාමි වගේ දෙයක් ගැන උනත් හිතන්නේ නැතුව ඉන්න හොඳ නැහැ.
මේ තත්වය එක්ක සංවර්ධනය ගැන නැවත හිතන්න වෙනවා. තිරසාර බව අත්‍යවශ්‍ය කාරණයක්. සංචාරක ව්‍යාපාරය ගැන උනත් හිතන්න වෙනවා. මොකද ව්‍යසන එක්ක සියල්ල අනිත් පැත්ත හැරෙන්න පුළුවන්.
ඒ නිසා පැහැදිලිව ලංකාවේ හිතන්න පුළුවන් මිනිස්සු ඔක්කොම එකතු කරගෙන අලුත් වැඩක් වෙත යන්න වෙනවා. දිත්වා අපට පෙන්නපු කළු වළාවේ රිදී රේඛාව ඒක.
~ මහේෂ් හපුගොඩ
