*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

අයිසීසි පදේට අපිව නටවන්න එන්න එපා යැයි ලේකම් ක්‍රිකට්වලට කියද්දී, ඇමති රගර්වලට කියන්නේ ආසියාවේ පදේට නටන බවය

අප ඊයේ (2022 දෙසැම්බර් 08) පළ කළ “ක්‍රිකට් OUTවීම සහ රගර INනොවීම” ලිපියට පාදක වූවේම ක්‍රීඩා අමාත්‍යංශය රගර් සම්බන්ධයෙන් දක්වන නිර්දය ක්‍රීයා කළාපය ය.එයට පදනම් කර ගත්තේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා අමතමින් යවන ලද ලිපිය ය.ඒ අනුව රටේ ක්‍රීඩාව රටේ නීතියට යටත්ව පවතින බව අමාත්‍යංශ ලේකම්වරයා හඟවයි.නමුත් ඒ හරහා එන තීරණ ද නීතිය විසින්ම සකසා දී ඇති බලය ප්‍රකාරව හසුරුවන්නට ඇති බලය තීරණය වන්නේ පෞද්ගලික රුචි අරුචිකම්වලට සාපෙක්ෂව බව අප එහිදී කීවෙමු.
(https://sinhala.lankanewsweb.net/12/08/36686/ එම ලිපියට මෙතනින් පිවිසෙන්න.)
දිගින් දිගටම සිඳු වූ හැසිරීම් අනුව රගර් පරිපාලනයට ක්‍රීඩා සමාජ නිලවරණයකින් පත්විය නොහැකි පිරිස් අතුරු කමිටුවක් හරහා බලයට පත්වීමටත්,එසේ නොමැතිනම් තමන්ට හිතවාදී පුද්ගලයන් අතුරු කමිටු සඳහා පත් කර එයින් තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමටත් සූදානම් වන බව අපි කීවෙමු.නමුත් පෙරහැරිට මඟ හැදෙනකං ඒ වැඩේ නොකෙරෙන බවට ද අපි ඉඟි කළෙමු.පෙරහැරට හැදෙන මඟ ප්‍රධාන තරගාවලිය අමාත්‍යංශයේද මුදල් හිඟ මොහොතක එයට බරක් නොවී සංවිධානය කිරීමය.රගර් සමාජය ඇතුළත පිළිගැනීමක් නැති පිරිසකට එවැනි තත්ත්වයක අනුග්‍රහයන් සොයා ගැනීම දුෂ්කරය.ඒ නිසා අනුග්‍රහයන් පැමිණෙන තෙක් කල් බලා සිටි පිරිස් පළමුව වහාමඅන්දවා කසකාරයෝ පෙරහැරට එවූහ.ඒ සමඟ වැටෙන හුස්මේ ගැස්මඅපට දැනෙන විට රගර් සහ ක්‍රිකට් කෙරෙහි වෙන වෙනම ආකල්ප දරණ ක්‍රිඩා අමාත්‍යංශයේ ඊ ළඟ පිම්ම ගැන අපි ඊයේ සටහන් කරන්නට තීරණය කළෙමු.එම පෙරහැරේ කසකාරයන් ලෙස අන්දවා පෙරට ගත්තේ විනිසුරු පිරිසය.
ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව අප දැන් සටහන් කරන තත්ත්වය ඔහුගේ කාලයට අදාළ එකක් නොවීම යන්න සරල දේශපාලන පිවිසුමය.එසේනම් විනිසුරුවරු ගෙවා නැති බවට නඟන චෝදනාවට අමාත්‍යවරයා විසින් දෙන පිළිතුරම අමාත්‍යවරයා විසින් තහනම පනවන ලද සභාපතිවරයාට ද දිය හැකිය.මන්ද ඔහුගේ කාලයේ ගෙවීම් සිඳු වි ඇත.ගෙවීම් සිඳු නොකරන කාලයට අදාළව සංගමය මෙහෙයවා ඇති අය අද අමාත්‍යවරයාජොතික ක්‍රීඩා සභාවේය.එසේම අමාත්‍යවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලනඅධිකාරියට ඇති බලය එදා සිටම භාවිතා නොවිම නිසා අද ආසියාවේ රගර්වල ඉහළ තනතුරුවලය.
අමාත්‍යවරයා රග්බි සභාපතිවරයාට වැඩ කිරීම අත් හිටවන ලිපියේ සඳහන් කරන්නේ 2022 ආසියානු සම්මේලනයේ තහනම ගැනය.ඒ අවස්ථාව මතුවන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද තහනම් නියෝගය මත පදනම්වය.එයට මෙරට අධිකරණයෙන් තහනම ඉවත් කර වැඩ කිරීමට අවසර දී ඇත.
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රිකට් ලේකම්ට දන්වන්නේ රටේ පවතින නීතිමය තත්ත්වයන් අනුව එය වාර්තා කළ යුතුව තිබුණ පිළිවෙලය.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා රගර් ආසියානු සම්මේලනයට දැන්විය යුතුව තිබුණේ ශ්‍රී ලංකාවේ නීතිය අනුව වැඩ කරන්නට අවසර ලැබී ඇති පුද්ගලයාට ආසියාවේ වැඩ කිරීමේ නෛතික බාධාවක් ශ්‍රී ලංකාවේ නීතිය අනුව නැති බවය.එය සිඳු වී නැත.ආසියානු සභාපතිවරයාගේ විශේෂ සැළකුම් මත ආසියානු රග්බි තරඟාවලි කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන අසංග සෙනවිරත්න මහතාගේ සභාපති ධූර කාලයේ සිඳු වී ඇති දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මේලනයෙන් පනවන ලද පවුම් 50000 ක දඩය තවමත් ශ්‍රී ලංකා රගර් විසින් ගෙවමින් සිටියි. අද වන විටත් සෑම වසරකම ලෝක රග්බි සංවර්ධන අරමුදලෙන් පවුම් 5,000 ක් අඩු කරනු ලබන මෙම දඩය ශ්‍රී ලංකා රග්බි ප්‍රවර්ධණයට විශාල බාධාවකි.එවකට උප සභාපති ධූරය දැරූ ලසිත ගුණරත්න අද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ජාතික ක්‍රීඩා සභාවේය.
මේ හේතුව හේතුව වසර සිය ගණනක් පැරිණි ශ්‍රී ලංකා රගර් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම ඇති කිරීමය.ඒ මෙරට පුරවැසියන් නොවන විදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනයට යොදා ගැනීමය.මීට සරල පිළිතුර “මගේ කාලයේ නෙමෙයි යන්න විය හැකිය.නමුත් අමාත්‍යවරයාගේ කාලයේද මෙරට නීතියෙන් වැඩ කරන්නට අවසර ලැබුණ සම්මේලනයකට ආසියාවෙන් අවසර නොදෙද්දී එහි ඉන්නෙ ඒ වරද කරන සමයේ සිටි සභාපතිවරයා ය.එවට සිටි උප සභාපතිවරයා වත්මන් පාලනයට ගතු කියමින් අමාත්‍යවරයා පත් කළ ජාතික ක්‍රීඩා කමිටුවේය.
අසංග සෙනවිරත්න රගර් සභාපතිකමෙන් නික්ම යද්දී රගර් සම්මේලනය මිලියන 35 ක ණය කරුවෙක්ය.ලසිත ගුණරත්න සභාපති පදවිය වත්මන් සභාප.ි රිස්ලි ඉල්ලියාසට පවරන විට එම ණය මිලියන 56 කි .සංවර්ධනය වි තිබුණේ ණය ය.වර්ථමානය වින විට ආර්ථික ගැටළු,වසංගත ගැටළුවලට මුහුණ දෙමින් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ද තොරව නව අනුග්‍රාහකයන් සොයා ගනිමින් එම ණය මුදල රුපියල් මිලියන 35 දක්වා ආපස්සට හරහා ඇත.එය පුටුවෙන් නෙරපිය යුතු නායකත්වයක් සේ සළකා ණය වැඩි කළ පිරිස්වලට පුටු භාර දීම නව ක්‍රීඩා අමාත්‍යවරයාගේද සම්ප්‍රදාය ද?
රොෂාන් රණසිංහ විද්‍යාර්ථියෙකි.නමුත් ඔහු ලංකාවේ රගර් සමාජය සමඟ ලැග්ගේ අඩුවෙන්ය.හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාටනම් ඒ ලැගීම හොඳටම තිබුණ අතර ඒ නිසා යන විට ඔපේ ඇඟටද මැක්කන් වීසි කර ගිය මේ තීරණවලින් පැහැදිළිය.
රටක් නියෝජනයට වෙනත් රටක පුරවැසියන් යොදවමින් එය සොයා නොබැලීම නිසා අදටද පවුම් 5000 ගාණේ ලෝක සම්මේලනයෙන් අරමුදල් කපා හරින තත්ත්වයට පත් කළ සහ වංචනික නාමයක් රගර් වෙත කැඳ වූ පිරිස් ආසියාව නියෝජනය කරමින් යෙහෙන් වැජඹෙයි.ඔහු ආසන්නයේ සිටි පුද්ගලයා අමාත්‍යවරයාට ටේ ක්‍රීඩාවේ සැළසුම් සකස් කරන්නට තීරණ ගන්නට මැදිහත් විය හැකි කරුණකය.ඔවුන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ අධික්ෂණය වන සම්මේලනය ණය බරක ගිල්වා ඇති අතීතයක උරුමක්කරුවෝ ද වෙති.නමුත් ඔවුන් රටට ආඩම්බරයක් සේ සළකන ක්‍රීඩා පරිපාලනයක් ඔවුන්ගේ උඵදෙස් මත මෙන්ම රට වෙනුවෙන් ආසියාව නියෝජනයට අවසර ලද පුද්ගලයෝ ද වි සිටිති.
ආසියාවට මේ බව දැණුම් දෙන්නට හෝ රටේ නීතිය ප්‍රකාරව වත්මන් පරිපාලනය ඉදිරි වැඩ කටයුතු කර ගෙන යන්නට සහ නිලවරණය පවත්වන්නට නිදහස් කර තිබෙන බව ආසියානු සම්මේලනය දන්වන්නට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට අමතක වන්නේ ඔහු ක්‍රිකට් ආයතනයට ලියූ ලිපිය සහ අමාත්‍යවරයා රගර් සභාපතිවරයා තහනම් කරමින් ලියූ ලිපියට බලපාන කරුණු දෙකක් නිසා ද?අමාත්‍යවරයාට බලපාන සහ ක්‍රීඩාඅමාත්‍යංශ ලේකම්වරයාට බලපාන පරිදි රටේ නීතියට අනුව හැසිරීම දෙයාකාරයකින් සිඳු නොවන්නේනම් අපට ලේකම්වරයාගේ ලිපියෙන් ගන්නට තිබෙන හොඳම වාක්‍යය මෙයය.
“1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 31(11) වගන්තිය සහ 4(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එතුමාගේ අභිමතය පරිදි නීත්‍යානුකූලව ඕනෑම අයෙකු ක්‍රීඩා සභාවට පත් කිරීම ගරු ඇමතිතුමාගේ අයිතියකි.”
ඒ අනුව අමාත්‍යවරයාට කුමන අකාරයේ වුව සදාචාර නොවන පුද්ගලයෙකු පත් කිරීමක් කර හැකි වන අතර ඔහුගේ අභිතය පරිදි ගනු ලබන තීරණ ඉවසා වැදැරීම අන් අයගේ යුතුකමය වැනි දෙයක් ඒ වාක්‍යයෙන් ගම්‍ය වනවාදැයි අපි නොදනිමු.නමුත් එහි සැඟවී ඇති අරුත එවැන්නෝ පත් කිරිම වගේම අමාත්‍යවරයාට දී ඇති බලතල අනුව ඔහුට අවශ්‍යයනම් ඕනෑම වැඩ කරන පුද්ගලයෙක් රැක ගැනීමට සටන් කිරීම අතහැර ඉවත් කිරීම තෝරා ගෙන ඉවත් කළ හැකි බවද පෙන්වා දි ඇත.තවත් සරල කළොත් ක්‍රීඩා අමාත්‍යවරයාට හිතුමතේ තමන් කැමති සහ අකමැති දේ තීරණය කරන්නට ඇති හැකියාව මේ රටේ ජනතාවගේ ක්‍රීඩාව ලෙස පිළිගත යුතුය.
අපට කියන්නට ඇත්තේ මෙම සටහනේ උද්ධෘතයමය.”දෙසැම්බර් 5 වන දා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ක්‍රිකට් ආයතන ලේකම්වරයාට උඹ අපිව අයිසිසි පදේට නටවන්න එපා කියද්දී,දෙසැම්බර 8 වන දා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රගර් සභාපතිවරයාට අපි නටන්නෙ ආසියාවට ඕන විදිහට උඹ පළයං ගෙදර කියන බවය”

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan