පැල සුරැක, ඇගයෙන සම්මාන උළෙලක්

මෙරට පාසල් ක්ෂේත්‍රය තුළ සියලුම ක්‍රීඩා ආවරණය කරමින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ සම්මාන උලෙළක් පැවැත්වීමට ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනය සැලසුම් කර තිබේ. පළමුවරට මෙවැනි සම්මාන උළෙලක් සංවිධානය වන අතර එය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. ස්පෝර්ට්ස්ලිෂ් පාසල් ක්‍රීඩාක සම්මාන උලෙ ලෙසින් පැවත්වෙන එම සම්මාන උලෙළ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා කවුන්සිල වත්මන් සභාපති අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කිංග්ස්බරි හෝටලයේදී පවත්වන්නට යෙදිණි.
සියළුම ඉසව් ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පවත්වන මෙම සම්මාන උලෙළ සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විසිකිරීම් ඉසව්වන් හී ජාතික වාර්තාලාභියෙක්ව සිටි විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන ටලොව් අලෙයිලිමා විසිනි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩි අවධානයට ලක් වූ සිල්ක් සම්මාන උලෙළේ නිර්මාතෘ වන ස්පෝර්ට්ස් ඉන්ෆෝ ආයතනයේ සභාපති තිලාන් රංගන මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන මෙම සම්මාන උළෙල අලෙයිලිමා මහතා විසින් පිහිටුවනු ලැබූ ස්පෝර්ට්ස්ලිෂ් ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව මෙම සම්මාන උළෙල පැවත්වේ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...