ඉතිහාසයේ දැවැන්තම රන් මගඩිය

Date:

ඉතිහාසයේ දැවැන්තම රන් මගඩියක් රේගුවෙන් හෙළිකරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ එසේ සොයාගත් රන් භාණ්ඩ වන වටිනාකම රුපියල් මිලියන 400ක් බවය.

ඉන්දියාවේ “Directorate of Revenue Intelligence” ආයතනය මගින් ලබාදි තිබු බුද්ධි තොරතුරක් විශ්ලේෂණය කිරීම මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු රේගු පරිශ්‍රය තුළදී පරීක්ෂාවට ලක්කරන ලදී.

මෙ මගීන් හතර දෙනාගෙන් තුන් දෙනෙතු ඩුබායි සිට චෙන්නායි හරහා අද (09) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

ඔවුන්ව පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බෑගයන් තුළ සඟවා තිබූ රන් ආභරණ හා ද්‍රව ලෙස සකස් කරන ලද රන් කුඩු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

රන් ආභරණ ඉතා සූක්ෂම ලෙස හඳුනාගැනීඹට නොහැකි වන සේ වර්ණ ගන්වා තිබූ අතර, රන්කුඩු සැඟවීමට පහසු වන සේ කැප්සියුල් ආකාරයෙන් සකසා තිබේ.

තවද රන්කුඩු සූක්ෂම ලෙස ආලේප කරන ලද ඇඳුම් 30ක් සොයා ගැනීම හැකිවිය.

සොයා ගන්නා ලද රත්‍රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට ආසන්න වූ අතර වටිනාකම රුපියල් මිලියන 400කට ආසන්නය.

රේගු ඉතිහාසයේ සිදුකළ දැවැන්තම වැටලීම්වලින් එකක් ලෙස මෙය සැලකෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...