මිහින්තලේ හිමියන්ගේ සහ ශානිගේ ජීවිත අවදානමේ.ආරක්ෂාව දෙන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් (VIDEO)

Date:

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ හා මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේය.

ශානි අබේසේකර මහතාව වාහනයකින් හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් පසුගිය දා අධිකරණයේ පැවැති නඩු කටයුත්තක දී ඉදිරිපත් කර ඇති බවත් මෙය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකයා අවධාරණය කළේය.

එතුමාගේ ජීවිතය ආරක්ෂා කිරිමට අදාළ විධිමත් ආරක්ෂාවක් ලබා දීම රජයේ වගකීම බැවින් එම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ටද ජීවිත තර්ජනයක් පැමිණ තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් ඇතිව තිබෙන බවත් පසුගිය සති 3ක සිට හමුදාවේ යැයි කියා ගත් දෙදෙනෙක් එම පුදබිමේ සිටියදී සිවිල් ආරක්ෂක නිලධාරින්ට සහ පොලිසියට හසුවී ඇති බවත් මේ නිසා නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් පවතින බවට උන්වහන්සේ විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ නාදුනන පුද්ගලයන් සම්බන්ධයෙන් මිහින්තලා පුදබිමේ ආරක්ෂාව සහ වැඩකටයුතු සම්බන්ධයෙන් සිටින හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් කිසිවකුත් නොදන්නා අතර පසුව අනාවරණය වී ඇති ආකාරයට මේ පුද්ගලයන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ හමුදා කදවුරක ප්‍රධාන අණදෙන නිලධාරියාගේ උපදෙස් මත පැමිණ ඇති බවට ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ වගකීමක් ඇති බවත් උන් වහන්සේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ සිදුවන වැරදි සම්බන්ධයෙන් විවේචන සිදු කළත් ඒවා දරා ගැනීම අපගේ යුතුකම බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW : හීනුගල රක්ෂිතයේ මුවදෙනකු...

ඩඩ්ලි සේනානායක සහ ඩඩ්ලි සිරිසේන

උපාලි කොළඹගේ කොළඹ LNW:මෙතෙක් සාමාන්‍ය ජනතාව අතර පිළිගැනීම වූයේ අභාවප්‍රාප්ත...

‘බස් ලලියා’ගේ ගෝලයින් 4ක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මෙරට සංවිධානාත්මක...

හෙට (27) දින මාලදිවයිනට විශේෂ දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙට (27)...