*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

“පාපන්දුවේ හෙට රට” දකින හැඩ ගැන මවන සිහින

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ යොවුන් පාපන්දුව,යොවුන් ලෝක කුසලාන යොවුන් පාපන්දු තරගාවලියක් දක්වා ඔසවා තැබීමට ඉඩක් තිබෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් ඔමාර් පවසයි.ඔහු පවසන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FUFA) ඉදිරියේදී අවුරුදු 17 න් පහළ සහ 20 න් පහළ ලෝක කුසලාන තරග වසරක් පාසා පැවත්වීමට අරමුණු කරගෙන තිබෙන බැවින්,යොවුන් පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දියුණුවට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් එහි අවසාන සිහිනය ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රීඩකයන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් නියෝජනය දක්වා ඔසවා තැබීම බවත් ඔහු පවසන්නේය.

ශ්‍රී ලංකා පාපන්දු නිවසේ පැවති මාධ්‍ය හමුවකට ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් පැමිණියේ FIFA වෙනුවෙන් දකුණු ආසියානු පාපන්දු සංවර්ධනයට උරදෙන සංවර්ධන අධ්‍යක්ෂ ස්ටුවර්ට් රේගන් සමඟය.ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ඔහු කලක් ස්කොට්ලන්ත පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරියා ලෙස මෙන්ම යොර්ක්ෂයර් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර අත්දැකීම් ඇති අයෙකි.ඔහු ද පෙන්වා දුන්නේ නැවත නැගිටිමින් සිටින ශ්‍රී ලංකා පාපන්දුවට ඒ සඳහා සැළසුම් සහගතව උපකාර කිරිම සඳහා FIFA වෙනුවෙන් අවධානය යොමු කර ඇති බවය.

ජාත්‍යන්තර පාපන්දු තහනම ද,ඊට පෙර පැමිණි කොවිඩ් බලපෑම ද මත තිබූ තත්ත්වයෙන් මදක් පහතට පැමිණ තිබුණ පාපන්දුවේ නව නැගිටීම සංකේතාත්මව පිටිය තුළ ප්‍රදර්ශනය වූ අවස්ථාව දකින්නට ලැබුණේ යේමනයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකක කාලයක් තුළ අත්කර ගත් ප්‍රගතිය තුළය.ඊට විදෙස් හී ක්‍රිඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මැදිහත්වීම විශාල රුකුලක් වී ඇත.මේ වන විට හය දෙනෙක් ද්විත්ව පුරවැසි පදනමෙන් කණ්ඩායම සමඟ සිටින අතර එළැඹෙන අප්‍රේල් වන විට තවත් 11 දෙනෙක්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ගැටළු නිරාකරණය වීමට නියමිත බව ජස්වර් උමාර්ගේ කරුණු පැහැදිළි කිරීම් තහවුරු කළේය.එසේම මේ වන විට 43 දෙනෙක් එසේ විදේශයන් හී සිටින බව හඳුනාගෙන ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

විදේශිය ද්විත්ව පුරවැසිභාවය සමඟ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණය කරන අතරේම ඒ හැකියාව සහ අත්දැකීම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා සමාජ හරහා මේ පොළවට එන්නත් කරමින් දේශිය මට්ටමේ ජාතික තරගාවලි ඉහළ තලයකින් පවත්වාගෙන යාමටත් සියල්ලගේ අවධානය යොමු විය යුතුව ඇත.අප විශ්වාස කරන මතය එයය.ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පිරිස කැඳවීමෙන් නොනැවතී ඔවුන්ව දේශීය වශයෙන් යොදා ගැනීමේ හැකියාවද ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා සමාජවලට ප්‍රධානය කළ යුතු අතර එහි යම් සීමාවක් ද තිබිය යුතුය.එසේ නොවන්නට සියලුම දෙනා එක ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරවා ජයග්‍රහණය ලබා සෙසු කණ්ඩායම් පාගා දමන්නට ද හැකිය.

ඒ අවධානය යොමු කරන අතරේම ජස්වර් උමාර් විදේශිය වෘත්තීමය පාපන්දු අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගේ පැමිණීම සමඟ දේශීය වශයෙන් පාපන්දු ක්‍රීඩා කරමින් සිටි සියලුම දෙනාගේ ද පාපන්දු ක්‍රීඩා කිරිමේ රටාවේ වෙනසක් සිඳු වි ඇති බව දකින්නට ඇති බව පැවසීමද ධනාත්මකව සිතිය යුතු තත්ත්වයක්ය.වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා සහ සෙල්ලමට පාපන්දු ක්‍රීඩා කරන තැනත්තා අතර තිබෙන පරස්පරය මේ වන විට විදේශයන්හි ක්‍රීඩා කරන ලාංකේට ක්‍රීඩකයන්ගෙන් කාන්දු වි ඇති නිසා පුහුණු ක්‍රමවේද,ක්‍රීඩා රටාව මෙන්ම ආකල්පමය වශයෙන් ක්‍රීඩාවේ නියැලීමේ ස්වභාවයේද යහපත් වෙනසක් සිඳු වී තිබීම හොද තත්ත්වයක් බව ශ්‍රී ලංකා පාපන්දු මෙන්ම අපද සිතන තත්ත්වයක්ය.

එහෙත් වඩාත් වැදගත් වන්නේ අද අප සිටින තැන සිට ඉදිරියට යාමය.යා යුතු ආකාරය ය.එහිදී අවුරුදු 6,7 ,8 වයස් කාණ්ඩවල සිට ක්‍රීඩකයින් නිර්මාණය කරන පසුබිම සැකසීම උදෙසා පාපන්දු ප්‍රේමීන් නිර්මාණය කර ගැනීමේ දුෂ්කර කාර්යය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දුව දරණ වෑයම අවධානයෙන් විමසා බැලිය යුතුය.පාපන්දු 13500 ක් මේ අලුත් පරම්පරාවට රට පුරා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම අසුවන පරිදි බෙදා දීමෙන් මේ කාර්යයේ යම් දුරක් සාක්ෂාත් කර ගැනීමට හැකිය.එහෙත් තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවාගේ නිරෝගිකම පවා අමතක කර දමා දුවන තත්ත්වයක සමාජය ආකල්පමය වශයෙන් ක්‍රීඩාවෙන් ජාතික නියෝජනයට මෙපිටින් ලැබෙන නිරෝග සම්පත්තියේ සිට ක්‍රියාශිලි සෞඛ්‍යසම්පන්න මිනිසෙක් සකසා ගැනීම දක්වා වූ කාර්යයට වැඩිහිටියාගේ සිටම ආකල්පමය වෙනසක් ගෙන ආ යුතුව ඇත.

පාපන්දුවේ හෙට රට කෙසේ වීද යන්න සම්බන්ධයෙන් FIFA හී දකුණු ආසියානු නියෝජිතයන් සමඟ පිට්යේ සිට කාර්යාලය දක්නවාම අලුත් විය යුතු සැළසුම් සමඟ ගමණක් අරඹන්නට සිතන පාපන්දුව කාර්යාලීය වශයෙන් පෙරට තල්ලු කරගෙන යන්නට අවශ්‍යය පිරිස් බලයේ ද යම් අඩුවක් ඉදිරියේදී ඇති වන්නට ඉඩ ඇත.ඒ දැනට පාපන්දු පරිපාලනයේ සේවයේ නියුතු පිරිසක් විශ්‍රාම යාමට නියමිත බැවින්ය.ඒ අනුව අලුත් පිරිසක් සමඟ අලුත් ගමණක් අලුත් හැඩයකට යාමට සූදානම් වන මොහොතේ ඉතා ආසන්න කාලයකදී දකුණු ආසියාවේ පාපන්දු කිරුළ දරන්නට තිබෙන සිහිනයට සමීප වෙන්නට අපි ද සුබ පතන්නෙමු.ඒ ඕනෑම මොහොතක පාපන්දුව වෙනුවෙන් ධනාත්මක විවේචනයට ඇති පළල් ඉඩ ද සමගින්ය.

පාපන්දුව වඩාත් සුහදශීලි සහ දියුණු මාධ්‍ය සහභාගීත්වයකින් පෝෂණය කරන්නට ද ඉදිරි සැළසුම් අවශ්‍යය සැකසෙන බව මෙහිදී කියැවුණු හොද කාරණයක් වන අතර එහිදී ක්‍රිඩාවට සහ මාධ්‍යයට සැබවින්ම සහ ක්‍රියාවෙන්ම හිතෛෂී, සම්බන්ධ කර ගැනීමේ පහසුව ඇති ඉඩක් පාපන්දුව පැත්තෙන් ඇති කර තැබීම වැදගත්ය.අපහසුම කාල පරිච්ඡේදයක ද එය මැනවින් කළමණාකරණය වූ ආකාරයට සක්‍රීය වූ පසුවද පවත්වාගෙන යාම වැදගත් අතර පාපන්දු මාධ්‍ය කටයුතු අවශ්‍යය තොරතුරු ලබා දීමේදී කුමානාකාරයේ ගැටළුකාරි තත්ත්වයන් තුළ වුව ද මාධ්‍යයට අහිතවත්ව කටයුතු නොකළ බව ද සිහිපත් කරන්නේ ඉදිරියේ ද එම කටයුතු ඒ පරිද්දෙන්ම සිඳුවනු ඇතැයි යන අපේක්ෂාවෙන්ය.

පහත දැක්වෙන්නේ ආසන්න වශයෙන් ශ්‍රී ලංකා පාපන්දුවේ ඉලක්කයන්ගේ පෙළ ගැස්මය.

සියලුම දේශිය තරගමාලා ආරම්භය මැයි මාසයේ ආරම්භ කිරිමේ වැඩ සටහනක්
ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩක ලියාපදිංචියේ පවතින දෝශයන් නිවැරදිව සකස් කිරීම.
පාපන්දු ලීග 55 කු සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉතිරි 13 සම්බන්ධයෙන් ද අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීම
කාන්තා පාපන්දු ක්‍රීඩාව නැංවීම සඳහා වැඩි අවධානයක් ඇති කිරීම
2024 දී පැවත්වීමට නියමිත දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීමට සැළසුම් සකස් කිරීම.
එළැඹෙන් වසරේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවත්වෙන අවුරුදු 20 න් පහළ දකුණු ආසියානු තරගාවලියේදී අවම තරමෙන් පැවති තත්ත්වය වෙනස් කර අනු සූරතාවයට හෝ සමීපවීම
මීට පෙර පැවත් වූ ජාත්‍යන්තර සිවුකොන් තරගාවලිය නැවත පැවත්වීමට එළැඹෙන වසරේ ක්‍රියා කිරීම.(එයට ඉකුත් තරගාවලියට සහභාගි වූ මාල දිවයින හැරෙන්නට සෙසු කණ්ඩායම් දෙක වෙනස් වෙනු ඇත.)

අලුත් වීමට නියමිත කාර්යමණ්ඩල සාමාජිකත්වය මෙන්ම පරිපාලන ක්‍රමවේදවලද වෙනසක් සිඳු කරමින් පාපන්දු පරිපාලන ව්‍යහුයේ වෙනස්කම් ජාත්‍යන්තරයට වඩාත් සමීප සහ දියුණු තත්ත්වයකට පත් කිරීම
වඩාත්ම ජාත්‍යන්තර වශයෙන් ඇති කරුණු පිළිබදව අවධානය යොමු කර යාවත්කාලීන කරන ද කරුණු ඇතුළත් කර සකස් කරන ලද ව්‍යවස්ථාව සතු වන්නේ ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයට වන අතර එය පාදක කරගෙන වඩා පුළුල් වැඩ සටහනක් පරිපාලනමය වශයෙන් මෙන්ම ක්‍රීඩාමය වශයෙන් ද සකස් කිරීම
වසර කිහිපයකින් හිමි නොවුණු FIFA මුදල් ඉදිරි වසර ගණනාවක සැළසුම් සඳහා ද වන සේ ලබාගෙන එයින් ක්‍රීඩාවේ භෞතික සංවර්ධනය සාක්ෂාත් කිරිම සහ වේගවත් කිරීමත්,පාපන්දු ක්‍රීඩාව සඳහාම වන ජාත්‍ය‍යන්තර මට්ටමේ ක්‍රිඩාංගණයක් දැනට අවධානය යොමු වි ඇති ස්ථාන දෙක පිළිබඳව වැඩි දුර සැළකිල්ල යොමු කර සුදුසුම ස්ථානය තෝරා සැකසීම.


පක්ෂග්‍රාහී චෝදනාවන්වලින් බැහරව වැඩ කිරීම සඳහා සහ වැඩ සැළසුම් මෙහෙයවීම සඳහා ප්‍රධාන විධායක තනතුරට අත්දැකීම් ඇති විදේශිකයෙකු ගෙන ඒමට අපේක්ෂාවෙන් සිටින අතර එවැනි සුදුසුකම් ඇති දේශීය අයටද ඒ සඳහා ඉල්ලුම් කිරීමේ අවකාශ්‍ය අහුරා නැති අතර තරගකාරීත්වය තුළ එම තනතුරට පත්වීමේ ඉඩ ද වසා දමා නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan