හල්දුම්මුල්ල නායේ යෑම යළි සක්‍රීය වෙලා!

Date:

කොළඹ LNW:හල්දුල්මුල්ල අස්වැද්දුම ප්‍රදේශයේ නායේ යෑම අද (10) පෙරවරුව වන විට යළි සක්‍රීය වී තිබේ.

එම ප්‍රදේශයෙන් මේ වන විට පවුල් 31ක පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අක්කර 200ක පමණ ප්‍රදේශයකට නායේ යෑම විහිදී ඇති බව එම ප්‍රදේශයේ ආපදා කළමනකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කර ඇත.

ඊයේ දින පස්වරුවේ හල්දුල්මුල්ල කැලිපනාවල ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබුණු අතර එම අවදානම හඳුනාගෙන තිබුණු හෙයින් පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා ජීවිත හානියක් සිදුනොවී, සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

එම නායේ යාමෙන් නිවාස 06ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

නිලධාරීන් විසින් තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන අතර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශ වෙත නොයන ලෙසයි.

එම භූමියේ මීටර 100ක පමණ පැල්මක් සිදුව ඇති බවට හඳුනාගෙන තිබුණේ මීට සතියකට පමණ පෙරය.

මේ දිනවල දිවයින පුරාම අධික වර්ෂාවක් ලැබෙමින් තිබෙන හෙයින් පස් කන්ඩි සංතෘප්ත වීම හේතුවෙන් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...