හල්දුම්මුල්ල නායේ යෑම යළි සක්‍රීය වෙලා!

Date:

කොළඹ LNW:හල්දුල්මුල්ල අස්වැද්දුම ප්‍රදේශයේ නායේ යෑම අද (10) පෙරවරුව වන විට යළි සක්‍රීය වී තිබේ.

එම ප්‍රදේශයෙන් මේ වන විට පවුල් 31ක පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අක්කර 200ක පමණ ප්‍රදේශයකට නායේ යෑම විහිදී ඇති බව එම ප්‍රදේශයේ ආපදා කළමනකරණ මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කර ඇත.

ඊයේ දින පස්වරුවේ හල්දුල්මුල්ල කැලිපනාවල ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබුණු අතර එම අවදානම හඳුනාගෙන තිබුණු හෙයින් පිරිස් එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා ජීවිත හානියක් සිදුනොවී, සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

එම නායේ යාමෙන් නිවාස 06ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

නිලධාරීන් විසින් තවදුරටත් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන අතර මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශ වෙත නොයන ලෙසයි.

එම භූමියේ මීටර 100ක පමණ පැල්මක් සිදුව ඇති බවට හඳුනාගෙන තිබුණේ මීට සතියකට පමණ පෙරය.

මේ දිනවල දිවයින පුරාම අධික වර්ෂාවක් ලැබෙමින් තිබෙන හෙයින් පස් කන්ඩි සංතෘප්ත වීම හේතුවෙන් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...