මෙක්සිකෝවේ අපරාධ කල්ලියක් සහ ගම්වැසියන් අතර ඇති වූ ගැටුමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අපරාධ කල්ලියක තුවක්කුකරුවන් සහ කුඩා ගොවි ප්‍රජාවක පදිංචිකරුවන් අතර ගැටුමකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය අයගෙන් 10 දෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයන් වන අතර හතර දෙනෙක් ගමේ පදිංචිකරුවන් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ, ප්‍රාදේශීය ගොවීන්ට අක්කරයකට (හෙක්ටයාරයකට) කප්පම් ගාස්තුවක් ගෙවන ලෙස ඉල්ලා කරන ලද නියෝගයකට ප්‍රතිචාර වශයෙන් මෙම ගැටුම හටගත් බවත්, දෑකැත්ත සහ දඩයම් රයිෆල් සහිත ගම්වැසියන් ස්වයංක්‍රීය වෙඩි තැබීම් මධ්‍යයේ කල්ලි සාමාජිකයන් යැයි සැක කරන අය පසුපස හඹා ගොස් පැහැර දුන් බවත්ය.

මෙක්සිකෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෙල්ෆිනා ගෝමස් සහ අනෙකුත් ප්‍රාදේශීය නායකයින් ප්‍රචණ්ඩත්වය හෙළා දුටුවේය. එය වසර ගණනාවක් තිස්සේ කෙමෙන් කෙමෙන් පැසුණු කලාපීය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් බව ඔවුහු පැවසූහ.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...