යුද නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය ජනාධිපති යූන්ගේ කාර්යාලය වටලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කරමින් ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය අර්බුදයට ඇද දමමින්, පාක්ෂිකයන් අතර තැතිගැන්මක් ඇති කළ පියවරක් වූ යුධ නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය පසුගිය සතියේ ජනාධිපති යූන් සුක් යෙයෝල්ගේ කාර්යාලය වටලා තිබේ.

දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, ජනාධිපති කාර්යාලය සහ අනෙකුත් ආයතන වටලා ඇති බව විශේෂ විමර්ශන ඒකකයක් තහවුරු කළ නමුත් යූන්ගේ ආරක්ෂකයින් නිලධාරීන්ට ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වීම වළක්වා ඇති බවයි.

මෙම තොරතුරු අනාවරණය වුයේ කැරැල්ලක් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවට චෝදනා මත යූන්ගේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොං-හ්යුන් ඉරිදා සිට ඔහු රඳවා සිටි සෝල් හි රැඳවුම් මධ්‍යස්ථානයක අත්අඩංගුවේ සිටියදී සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවට වාර්තා වීමත් සමඟය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...