මහජන ආරක්ෂක අමාත්‍යාංශයට තවත් පැමිණිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ (LNW):

අද (11)දින මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය සැක සහිත බවත්, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බවත් පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්  ඉදිරිපත් කළේ ය.

පසුගිය 2008 වසරේ ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුරයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජෙනරල් ජානක පෙරේරා මහතා ඔහුගේ බිරිඳ ඇතුළු 28 දෙනෙකු ඝාතනයට ලක්විය. කීර්තිමත් හමුදා නිලධාරියෙකු වූ ජානක පෙරේරා මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ කලක් කටයුතු කළේ ය.

අනතුරුව ඔහු උතුරු මැද පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීමට ඉදිරිපත්වූයේ එවක ආණ්ඩු පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයෙනි.මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුර පිහිටි ඔහුගේ පක්ෂ කාර්යාලයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් ජානක පෙරේරා මහතා ඇතුලු 28 දෙනා ඝාතනයට ලක්විය.

මෙම ඝාතන LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව එවකට ප්‍රකාශ වුවත්, මෙම ඝාතනය සැක සහිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි ජානක පෙරේරා මහතාගේ සොහොයුරෙක් හා ඥාති පුත්‍රයෙකු පැමිණිල්ලක් ගොනුකරමින් අද දින කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...