ප්‍රතිසංස්කරණ කළ පැරණි රජ මාලිගය හා රජවාසල කෞතුකාගාරය මහජන අයිතියට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

දෙසැම්බර් 11, (LNW) මහනුවර : ඇමරිකානු රජයේ ආධාර මත ප්‍රතිසංස්කරණය කළ ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටි පැරණි රජ වාසල සහ පුරා විද්‍යා කෞතුකාගාරය මහජන අයිතියට පත් කිරීම ශ්‍රී ලංකවේ ඇමරිකානු තානාපති (Julie J.Chung )ජූලී චෑන්ග් මහත්මිය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදු කෙරිණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇමරිකානු තානාපති අරමුදලින් රුපියල් මිලියන 77ක ( ඩොලර් 265 000) වියදමින් මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය වූ අතර පළමු අදියර යටතේ රජවාසල ප්‍රතිසංස්කරණය කිරීම හා ආබාධ සහිත පිරිස් සඳහා ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සිදුවිය.

එහි දෙවන අදියර යටතේ පුරා විද්‍යා කෞතුකාගාරය ප්‍රතිසංස්කරණය කොට තිබේ.
මෙරට රාජ වංශ කථාවේ රජුන් භාවිත කළ මේ දක්වා වහලය විද්‍යාමාන වී පවතින එක මැදුර මෙය වන අතර එය වර්ෂ 1473 සිට 1815 අවසන් රජු දක්වා රජුන් 12 දෙනෙකු පරිහරණය කළ රජ මැදුරක් වේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිත උරුමය හා අනන්‍යතාව ඒ අයුරින්ම රැක ගැනීමට ප්‍රමුඛත්වය ගත් බවත් දෙස් විදෙස් සංචාරකයන් හා සංස්කෘතික පර්යේෂකයන්ට ගවේෂණය සඳහා හැකි තෝතැන්නක් බවට මෙම ස්ථානය පත් කිරීම හැකි උපරිම උත්සහය ගත් බවත් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකවේ ඇමරිකානු තානාපති ජූලී චෑන්ග් මහත්මිය එහිදී සඳහන් කළාය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, පුරාවිද්‍යා දෙපාර්ත‍ෙම්න්තුවේ හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශ යුවතියකගේ නික්ම යෑම – French actress Brigitte Bardot dies aged 91

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  ප්‍රංශ තිර පුරාවෘත්තයක්...

ජපානයේ අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...