රටේ ජාතික ආරක්ෂාවටත් සම්බන්ධ විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරන්න දෙන්න බැහැ – විපක්ෂ නායක සජිත්

Date:

පාඩු ලබන ආයතනවල යම් වෙනසක් සිදුවිය යුතු වුවත් විදුලි බල ක්ෂේත්‍රයේ ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරිම යනාදී ක්‍රියාදාම සහ වාසිදායක වෙනස්කම් රටේ ජාතික ආරක්ෂාවට පක්ෂපාති විය යුතු බවත් ඒ, විදුලි බල ක්ෂේත්‍රය ජාතික ආරක්ෂාවට බලපාන කරුණක් නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි බල ක්ෂේත්‍රයේ සිදු කිරීමට යන සංශෝධනයන් සිදු කරන්නේ කිසිදු පාර්ශ්වකරුවන් සමග සාර්ථක සාකච්ඡා අවසන් වීමෙන් නොවන බවත් තම තමන්ට හිතෛශී පුද්ගලයන් බඳවා ගෙන ලබැදියාවේ ඝට්ටන ඇති පුද්ගලයන් සම්බන්ධ කර ගෙන මේ රටේ ජාතික සම්පත පාඩු ලබනවා කියමින් විකුණන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

1994ට පෙර විදුලි බල මණ්ඩලය ලාබ ලැබුවත් 1994 න් පසු මේ විනාශ ආරම්භ වූ බැවින් තවත් මෙය ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විදුලි බල ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමට රජය දරණ උත්සාහය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...