*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මහ මැතිවරණයට සියල්ල සූදානම් – ලන්සා සටන පුත්තලමෙන් අරඹයි – හන්තානේ ඉඩම් රුපියල් 2 යි – එජාප සාමදූතයා රුවන් – මාසෙට ලක්ෂ පනහකට උපදේශකයෙක් – රනිල් සැර වෙයි – මහින්ද රට වටේ!

  • මහ මැතිවරණයට සියල්ල සූදානම්
  • ලන්සා සටන පුත්තලමෙන් අරඹයි
  • හන්තානේ ඉඩම් රුපියල් 2 යි
  • MOBILE ඒකාධිකාරය මලයාසියාවට
  • එජාප සාමදුතයා රුවන්
  • මාසෙට ලක්ෂ පනහකට උපදේශකයෙක්
  • රනිල් සැර වෙයි
  • මහින්ද රට වටේ
  • මියුසියස් දෙමාපියන් අධිකරණයට?
  • සජබ බලවේග එක්කරද්දී රනිල් – සජිත් එක්කරන මෙහෙයුම දිගටම
  • රමාල් මාලිමාවට

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): 2024 මැතිවරණ වර්ෂයක් ලෙස මේ වන විට ප්‍රකාශ වී හමාරය. සාමාන්‍ය ජනතාව ජීවත්වීම සඳහා දහසකුත් සටන් කරනා අතරේ පවා මැතිවරණ උණුසුම මේ වන විට රටම උණුසුම් කරමින් පවතී. වැට් බදු හා බදු වැඩි කිරීම නිසා සියලුම භාණ්ඩ හා සේවා ඉහළයාම නිසා ලබන වසර කෙලෙස වේදැයි යමක් තේරෙන සාමාන්‍ය ජනතාව පසුවන්නේ අසීමිත බියකිනි. පාර්ලිමේන්තුව විසුරුවා හරිය විට නැවත පාර්ලිමේන්තුවට ඒමේ හැකියාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේද අප්‍රමාණ බියකි. මේ සියල්ල අතරේ ද මේ වන විට සැවොම බලා සිටින්නේ මහා මැතිවරණය සඳහා කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ද කියාය.

පාර්ලිමේන්තුව වාර අවසන් කරයි ද ?

2023 දෙසැම්බර් මස 13 වන දා මධ්‍යම රාත්‍රි නව වන පාර්ලිමේන්තුවේ සිවුවන සැසිවාරය අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් කරන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ මාතෘකා පැතිර යද්දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රශ්න කර සිටියේය.

ඒ අනුව නව වන පාර්ලිමේන්තුවෙ සිවුවන සැසිවාරය අවසන් කිරීම හා පස්වන සැසිවාරය ආරම්භ කරන දිනය ඇතුලත් ගැසට් පත්‍රය දෙසැම්බර් 13 වන දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව වාර අවසන්කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබැලු ප්‍රශ්න සහා යෝජනා අහෝසිවන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතුකළ යුතුය.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරකසභා නව සැසිවාරයේදි නැවත පත්කළ යුතුය. ඒ අනුව කෝප් හා කෝපා කමිටුද නැවත පත්කළ යුතුය. ඒ අනුව දැනට ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී ඇති රන්ජිත් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය ද අවසන් වනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

ඒ අතර තවත් ඇතැමුන් පවසන්නේ ඇතැම්විට පාර්ලිමේන්තුව වාර අවසන්කළ පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද කරනු ඇති බවයි. එහෙත් පාර්ලිමේන්තුව කල් දැමීමකින් තොරව විසුරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා මීළඟ මහා මැතිවරණය පැවැත්වීමේ දින වකවානු පවා මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ. ඒ අනුව දෙසැම්බර් 18 හෝ ආසන්න දිනෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් පෙබරවාරි මුලදී ද , ජනවාරි මුලදී විසිරුවා හැරීම සිදුකළහොත් පෙබරවාරි අවසානයේදී ද පෙබරවාරි මාසය මුලදී විසුරුවාහරියහොත් මාර්තු අවසානයේදී ද ,මාර්තු මුලදී විසුරුවා හැරියහොත් මැයි මස අවසානයේදී ද මහා මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබේ. මේ අතර රටේ ප්‍රබලම කාර්යාල වලින් මැතිවරණ පැවැත්වීමේ හැකියාව ඇති දින වකවානු සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් පසුගිය දිනවල විමසීම් කර තිබිණි.

රනිල් සහ මහා මැතිවරණය

ජනාධිපතිවරයාට අඩුම අවදානමක් ඇති තීරණය මහා මැතිවරණයයි. වර්තමාන තත්වය තුල කිසිවකුට 113 බහුතරය නැත. එවිට ආණ්ඩුව හදන්නේ ඔහුට අවශ්‍ය ආකාරයටය.ජාතික ආණ්ඩුවක් තැනුවිට අවශ්‍ය සියලු දෙනාට ඇමතිකම් දිය හැක. ඒ ඇමතිකම් රැක ගන්නට නම් ඒ සියලුදෙනා එක්ව ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල්ව දිනවිය යුතුය. ඒ වගේම මුලින් මහා මැතිවරණය පැවැත්වීම තුල ජනාධිපතිවරණයට තනිවම තරග කරන්නට සිටින බොහෝදෙනාගේ සිහින බොඳ කිරීමට ද හැකියාව පවතී. අනෙක් ප්‍රධානම කරුණ ජනතාවගේ මතය මෙහිදී දැක ගත හැකි වීමය. අවශ්‍යනම් නව පාර්ලිමේන්තුව තුලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගන්නට පවා හැකියාව පවතී. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර අවශ්‍යනම් ඔහුට විධායක අගමැති ලෙස යලි පාර්ලිමේන්තුවට පිවිසීමට වුව ද හැකියාව ඇත. අනෙක් අතට තමන් අතේ විධායක බලය ඇති නිසා සන්ධාන සැදීමේ සිට අන් සියලුදේට සුදුසුම වෙලාව මෙය ලෙස රනිල් සිතනවා වන්නට පුළුවන. වැට් බදු වැඩි කිරීම හා ඒ පසුපස එන තත්වයන් ඉදිරිය තවත් අසීරු කරන බව ද ඔහු නොදන්නවා නොවේ. මේ සියල්ලටම වඩා පාර්ලිමේන්තුවේ සිටින එජාප මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය ඉහල නංවා ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් ?

කෙසේ වෙතත් මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 සැප්තැම්බර් මාසයේය. ව්‍යවස්ථානුකූලව 2024 ඔක්තෝබර් 18 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. ඒ අනුව 2024 ජුලි මාසයේ ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවා සැප්තැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති පැවසේ. 2024 සැප්තැම්බර් 27 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවටද ඇතැම් කටකතා පවතී. එහෙත් එය තවමත් කිසිඳු අයුරකින් නිල වශයෙන් සනාථ කර නොමැත.

අයවැයෙන් පසු කැබිනට් සංශෝධනයක් ?

මේ අතරේ අයවැයෙන් පසුව ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන ද කතාබහක් පවතී. කැබිනට් සංශෝධනය කලක සිට පොහොට්ටුවේ ඉල්ලීමකි දැනට කැබිනට් මණ්ඩලයේ ඇතැම් වයෝවෘද්ධ ඇමතිවරුන්ට විශාල අමාත්‍යංශ කීපයකි. එම නිසා එවැනි අමාත්‍යංශ වල කටයුතු සිදුවන්නේ මන්දගාමීවය. එම ඇතැම් අමාත්‍යංශ වල කොමිස් ලැබෙන ව්‍යාපෘති හැර රටට වැඩක් වන කිසිඳු දෙයක් සිදු වන්නේ නැත. හේතුව එම ඇමතිවරුන්ගේ විෂය පථය සුවිශාල නිසාය.මෙවර එවැනි අමාත්‍යංශ කඩා නව ඇමතිවරුන්ට පැවරීමට නියමිතය. එසේ නොකොට රටේ ශීග්‍ර සංවර්ධනයක් සිදුකළ නොහැක. එසේම ඉවත් කෙරුණු රොෂාන් රණසිංහගේ ඇමති ධුර සඳහා ද වෙනත් ඇමතිවරු පත්වනු ඇතැයි පැවසේ.

නව සන්ධාන ගණනාවක්

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන අලුත් දේශපාලන සංධාන ගොඩනැඟීමේ අරමුණින් විවිධ පාර්ශව අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වේ. එම සාකච්ඡා වල තත්වයන් දිනෙන් දින සතියෙන් සතිය වෙනස්වෙමින් තිබේ. ඇතැම් කණ්ඩායම්වල තීරණ විවිධය. උදාහරණයක් ලෙස නිලතල බලතල සම්බන්ධයෙන් සියලුම දෙනාට ප්‍රශ්න තිබේ. කිසියම් හෝ කැප කිරීමක් සිදු නොකර ජයග්‍රහණ ලැබීම දුෂ්කරය. ප්‍රධාන තනතුරු සියල්ල එක්පර්ශවයකට ලැබෙන්නේ නම් එවැනි සන්ධානයක් හා එක්වන්නට අනෙකුත් පාර්ශව දෙවරක් සිතනු ඇත.

ලන්සා කණ්ඩායම රනිල් ජනපති කරන මෙහෙයුම පුත්තලමෙන් අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහට දේශපාලන පක්ෂවල සහ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමට කටයුතු කරමින් සිටින පාර්ශවයේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රවර්ධන කටයුතු දෙසැම්බර් මාසය පුරා එහි ආසන 5 තුලම ක්‍රියාත්මක කර ඇත.
නිමල් ලන්සා සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් එම කටයුතු සිදුකෙරේ.

මෙහිදී නව සන්ධානයේ කොට්ඨාස නියෝජිතයින් පත්කිරීම, අනුබද්ධ සංවිධාන පිහිටුවීම, භික්ෂු සංවිධාන පිහිටුවීම, කාන්තා සංවිධාන පිහිටුවීම වැනි කටයුතු එම මාසය පුරා සිදුවන අතර සිරිපාල අමරසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර එම වැඩසටහන් මෙහෙයවයි.

මේ අතර මීටම සමගාමිව සෙනසුරාදා දින හලාවත ආසනය කේන්ද්‍ර කර ගනිමින් පළාත් සභාවේ ජංගම සේවයක් ද මාදම්පේ කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.ඒ නිමල් ලන්සා වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගෙන් කළ ඉල්ලීමකට අනුවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීම සඳහා මෙම නව දේශපාලන සන්ධානය නිර්මාණය කෙරෙන අතර එය ලබන ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නවක මන්ත්‍රීවරු ඇතුලු මන්ත්‍රීවරු හතලිස් ගණනක් මෙම කණ්ඩායමට අයත්වෙති.

සජබ බලවේග එකතු කරයි

නිදහස ජාතික සභාව හා සමගි ජන බලවේගය අතර සන්ධානගතවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ විවිධ අය විවිධ මත දරති. කෙසේ වෙතත් ඒ සියලු දෙනා විපක්ෂ කණ්ඩායම් සමග සන්ධාන ගතවීම හෝ අදාළ ලැයිස්තු සමග තරග කිරීම සම්බන්ධයෙන් විවිධ මත දරතත් ආණ්ඩු පක්ෂය සමග එක්ව තරග කිරීමේ අදහසක දැනට නැත.

මේ අතර මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රමුඛ කණ්ඩායමක් දෙමළ ජාතික සංධානය ඇතුලු සුළු ජාතික පක්ෂ මෙන්ම පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුගේ සහය සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට කටයුතු කරමින් සිටි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් කුමන සන්ධානයක් සමග එක්වන්නේදැයි ප්‍රකාශ කර නැත. මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ නායකත්වයෙන් පුළුල් නව සන්ධානයක් ගොඩනැගෙන අතර ඔවුන්ගේ සහය ද කාටදැයි තවමත් කිව නොහැක.

පොහොට්ටුවේ ස්ථාවරය හෝ සහයෝගය කාටදැයි මේ මස 15 වැනිදා පැවැත්වෙන පොහොට්ටු ජාතික සමුළුවේදී ප්‍රකාශ කෙරෙනු ඇත. ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත් කෙරුණු රොෂාන් රණසිංහ සමගි ජනබලවෙගයට එක්වීමට බොහෝදුරට ඉඩ ඇති බව පැවසේ.මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙස පත් කිරීමත් සමඟ ජනාධිපතිවරයාට සහය දක්වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගැන කතා බහ යළි දේශපාලන කරලියට පැමිණ තිබේ.

රනිල්-සජිත් එක් කරන මෙහෙයුම දිගටම …?

මේ අතර සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක කිරීම සඳහා සිදුකරන මෙහෙයුම් යම් තාක් දුරට සාර්ථක බවට එහි මහමොලකරුවෝ පවසති. මේ සඳහා මලික් සමරවික්‍රම මුලිකත්වය ගෙන ඇති අතර දෙපාර්ශවයේම බහුතරයේ අදහස එක්විය යුතු බවය. එහෙත් තනතුරු හා ඇමතිධුර හරහට හිට තිබේ. අනෙක් ප්‍රධාන ප්‍රශ්නය දෙපාර්ශවයේ ඇතැමුන් අතර ඇති පෞද්ගලික එදිරිවාදී කම් ය. දේශපාලනයේ සදාකාලික තුරන් හෝ මිතුරන් නොමැත යන්න පවා අමතක කරමින් ඇතැම් පිරිස් මේ ප්‍රශ්නයේදී හැසිරෙනු පෙනේ.

පොහොට්ටුවේ සම්මේලනය 15 වැනිදා – මහින්ද යලිත් රට වටේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි මහා සම්මේලනය ලබන 15 වැනිදා පස්වරු 1.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.දිවයිනේ සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන අන්දමින් පාක්ෂිකයන් සහභාගි වන මෙම සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර තිබේ.

මෙහිදී එම පක්ෂයේ ඉදිරි පස් අවුරුදු සැලසුම ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂයේ සැලසුම් හා සන්ධානගතවීම් මෙහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඉදිරි මැතිවරණ සඳහාද පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සක්‍රියව දායකත්වය ලබාදෙනු ඇත.

රනිල් සැර වෙයි – සැවොම එක්වෙයි – එජාපය 2024 ට වෙනස් වෙයි – නව නිලධාරී මණ්ඩලයක් – සාම දූතයා රුවන්

එක්සත් ජාතික පක්ෂය 2024 වසර ආරම්භ කරන්නට නියමිතව ඇත්තේ නව වැඩපිළිවෙලක් හා නව ප්‍රධානීන් සමග ය.

එජාපයේ ගැටුම්කාරී තත්වය පසුගිය දිනවල එළිපිටම දක්නට ලැබිණි. අවසානයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩිව සියලුමදෙනාට පවසා ඇත්තේ පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එන්නට නම් සියලුදෙනා සමගිව එක්ව කටයුතුකළ යුතු බවය. මේ වන විට පක්ෂය තුල තිබු කණ්ඩායම් අතර ගැටුම් යම්තාක් දුරට සමනය කර ගන්නට එක්සත් ඇතික පක්ෂය සමත්වී තිබේ. සාමයේ දූතයා රුවන් විජේවර්ධනය. රුවන් විජේවර්ධන සමග කිසිවකුත් අමනාප නැත. එම නිසා සියලු කණ්ඩායම් එක් කිරීම මේ දිනවල රුවන් විජේවර්ධන සිදු කරනු දක්නට ලැබේ. මේ අතර එජාපය අනෙකුත් පක්ෂ හා සංවිධාන සමග එක කිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ රවී කරුණානායක, රුවන් විජේවර්ධන, හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ය.

ජාතික ජන බලවේගය වටා වෘත්තිකයන් රැසක් – ගම්පහට රමල් සිරිවර්ධන

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට ජනතාව යම් බලාපොරොත්තුවක් ඇති කරමින් සිටී. මන්ත්‍රී වරුන්ගේ හා ඇමතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ජනතාවගේ සිත් ගෙන ඇත. මහජන නියෝජිතයන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම සිදුකළ යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ජන බලවේගය වෘත්තිකයන් රැසක් තම සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ. හිටපු ලංගම සභාපතිවරයකු වූ රමාල් සිරිවර්ධන මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ සංවිධායකවරයෙකි. විජිත හේරත් හැරුණු කොට මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ ජනප්‍රියම නායකයා රමාල්ය. කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු මෙන්ම ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රධාන පක්ෂ කීපයක් සමග සමීපව කටයුතුකළ රමාල් සිරිවර්ධන කිසිඳු විටෙක දුෂණ චෝදනා නොලැබූ දක්ෂ පරිපාලකයෙකි.

අර්ජුනගෙන් නව දේශපාලන සන්ධානයක්

හිටපු අමාත්‍යවරයකු වන ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග විසින් නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමට තීරණය කර තිබේ.දූෂිතයන්ගෙන් හා වංචාකාරයන්ගෙන් තොරව මෙම නව සන්ධානය බිහිකරන බව ඔහු සඳහන් කර තිබේ. මේ අතර අර්ජුන රණතුංග මෙම නව සන්ධානය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා පවත්වා තිබේ.

හන්තානේ ඉඩම් පර්චසය රුපියල් දෙකට විකුණලා – වංචාව මිලියන පන්දහසක් – නීතිමය පියවර නැත්තේ ඇයි ?

වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී
පවසා තිබේ. හන්තාන කඳුකරයේ අක්කර විසි දෙකක් පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා පවසා තිබේ.
හෝම් ලෑන්ඩ් කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් කොමිස් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී ඇතැයිද සභාපතිවරයා අද ඉන්නේ එම එපාර්ට්මන්ට් එකේ යැයිද ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙස ම විකල්ප ඉඩමක් ලෙස ලබාදී ඇතැයිද. මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කට බවද , එම ඉඩමද පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා ඇති බවද සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසීය.

දැන් කළ යුත්තේ වහාම අදාළ ඉඩම රජයට පවරා ගෙන අදාල වංචාවට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමය. වංචා හෙලිකළ ද ඒ සඳහා නීතිමය පියවර නොගැනීම බරපතල ප්‍රශ්නයකි. මෙවැනි ඉඩම් යලි රජයට පවරාගැනීම තුල අඩුම තරමින් මෙවැනි දුෂිත ගනුදෙනු සඳහා මැදිහත් නොවීමට පෞද්ගලික සමාගම් පවා කටයුතු කරනු ඇත.

ටෙලිකොම් විකුනන්න වත්කම් අඩුකර පෙන්වලා – ජංගම දුරකථන සේවා ඒකාධිකාරය මලයාසියාවට

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා වත්කම් ගණනය කිරීමේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලය හිතාමතා තම වගකීම් පැහැරහැර ඇති බවට ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරති. මේ හේතුවෙන් ටෙලිකොම් වත්කම් ගණනයේදී රජයට බිලියන ගණනාවක විශාල පාඩුවක් සිදුව තිබේ. ශ්‍රීලංකා ටෙලිකොම් සමාගම මිලට ගැනීම සඳහා ප්‍රධානතම සටන පවතින්නේ ලයිකා මොබයිල් හා අදානි ව්‍යාපාර ජාලය අතරය. මේ අතර මලයාසියානු ඩයලොග් සමාගම විසින් එයාර්ටෙල් සමාගමද හිමිකර ගෙන ඇති නිසා දැන් මෙරට ජංගම දුකථන ක්ෂේත්‍රයේ හිමිකාරිත්වය මලයාසියාවට නතුවෙමින් පවතී.ඒ ටෙලිකොම් සමාගම මිලදී ගන්නා සමාගමට මැක්සීස් සමාගමේ ටෙලිකොම් කොටස් ලබාදී ඒ වෙනුවට එම ආයතනයෙන් මොබිටෙල් කොටස් වල හිමිකාරිත්වය ලබා ගැනීමට මැක්සීස් සමාගම කටයුතු කරමින් සිටින නිසාය.

ටෙලිකොම් විනාශ කර සතොසේ සුදු ළූණු වංචාවට හිරේ ගිහින් ඇප පිට මග නැගුමට ?

ශ්‍රීලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය රජයේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙක් සහ එහි කොටස්කාර මලයාසියානු මැක්සීස් සමාගමේ අධ්‍යක්ෂවරු සිවු දෙනෙක් ලෙස සිටියද මේ වන විට රජයේ ඇතැම් ඇමැතිවරුද මලයාසියානු සමාගමට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බවට චෝදනා පවතී.

මේ එක් අධ්‍යක්ෂවරයෙකු ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ එකවර සේවය කර හසුවීම නිසා එම ආයතන දෙකෙන්ම ඉවත්කළ අයෙකි. පසුව දේශපාලන සම්බන්ධතා මත නැවත ටෙලිකොම් ආයතනයට එක්ව ටෙලිකොම්
ආයතනයට මෑන් පවර් සේවකයන් බඳවා ගෙන ටෙලිකොම් ආයතනය විනාශ කළේ මොහුය. මොහු සේවය කරන සෑම ආයතනයකටම ගණකාධිකාරිනියක රැගෙන යන අතර මොහු සතොස ආයතනයට සේවයට ගිය විට එහි සුදු ළූණු වංචාව නිසා ඇයට බන්ධනාගාර ගත වන්නට පවා සිදු විය. බන්ධනාගාරයෙන් ඇප පිට නිදහස් වූ ඇය මග නැගුම රාජ්‍ය ආයතනයට පත්වීම් ලබන්නටද වාසනාවන්ත වුවාය. එම නිසා රාජ්‍ය ආයතන මේ ආකාරයෙන්වත් රැකී තිබීම පුදුමයකි.

විදුලි බල මණ්ඩලයේ වගකීම් විරහිතභාවය භික්ෂුන් වහන්සේලා තිදෙනෙකුට දිවි අහිමි කරයි ?

ඇස් නොපෙනෙන, බිහිරි සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා වැඩවාසය කරන භික්ෂු මධ්‍යස්ථානයක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කිරීම හා ඒ සමගම භික්ෂුන් වහන්සේලා තිදෙනෙකු අපවත්වීම මේ සතියේ රටේ සමස්ත ජනතාව සසල කළ සිදුවීමක් විය.

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරාඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක මෙසේ විදුලිය විසන්ධි කර තිබිණි.පසුගිය දිනවල දායකයන්ට තිබූ ආර්ථික දුෂ්කරතා නිසාවෙන් මෙම ස්ථානයට දානමාන සහ මූල්‍යාධාර නොලැබුණු බැවින් මෙම තත්වය උදා වී ඇත.මෙම ස්ථානය මුදල් උත්පාදනය කරන ස්ථානයක් නොවන නිසා මෙවන් සංවේදී කාරනා සම්බන්ධව විදුලි බල මණ්ඩලය වගකීමෙන් කටයුතුකළ යුතුව තිබිණි.

අපවත්වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන උත්සව කටයුතු පවත්වා ඇත්තේ ද කලුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ ය. විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලයවත් ලබා ගැනීමට නොහැකි වී තිබේ. පසුව ජනාධිපතිවරයා මැදිහත්ව විදුලිය සැපයීම යථා තත්වයට පත් කර තිබිණි.

අසාධාරණ විදුලි බිලට වගකීම ගන්නේ කවුද ?

විදුලි බිල එහි වියදම මෙන් හතට ගුණයක් අයකරන බවට චෝදනා රැසකි. මේ අසාධාරණ ගාස්තු නිසා නිවාස හා ව්‍යපාරික ස්ථාන ලක්ෂ ධයක පමණ විදුලිය විසන්ධි කර තිබේ. මෙය දේශපාලන කුමන්ත්‍රණයක් දැයි ජනාධිපතිවරයා වහාම සොයා බැලිය යුතුය. මෙසේ විදුලිය විසන්ධිකරන කිසිඳු නිවෙසකින් ආණ්ඩුව ඡන්ද බලාපොරොත්තු නොවිය යුතුය. නිවෙස් ලක්ෂ දහයක් යනු අඩුමතරමින් ඡන්ද ලක්ෂ 25 කි. අරගලයේදී පවා විදුලිය විසන්ධිවීම ප්‍රධන හේතුවක් විය.

ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේද ?

ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ සාමාන්‍ය වෙළඳ සැලක් විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල සමාන බව පැවසේ. බංග්ලාදේශය, දකුණු කොරියාව, මලයාසියාව හෝ වියට්නාමයේ කර්මාන්තශාලාවක විදුලිය සඳහා විදුලි ගාස්තුව ලංකාවට වඩා 40% කින් අඩු බව පැවසේ. එම නිසා අපේ කර්මාන්ත ක්ෂේත්‍රයම අද විනාශවී හමාරය. රැකියා ලක්ෂ ගණනක් අහිමිවී තිබේ. ලංකාවේ සාමාන්‍ය නිවසක් විදුලි ඒකකයක් සඳහා ඉන්දියාව, හොං කොං, වියට්නාමය, තායිලන්තය මෙන් දෙගුණයක මිලක් ගෙවනු ලබයි. එම අගය මලයාසියාවේ මෙන් තුන් ගුණයකි. විදුලි බල ඇමතිවරයා සහ වර්තමාන මහජන උපයෝගිතා කොමිසම මේ සම්බන්ධයෙන් ඍජුව වගකිව යුතුව තිබේ. වහසි බස් දොඩන අතර වගකීමෙන් කටයුතු කරන්නට පුරුදු විය යුතුය. හේතුව අද මෙය රටේ සමස්තයට ප්‍රශ්නයක් නිසාය.

විදුලිය බිඳවැටී රටම අඩපන වෙයි.

සෙනසුරාදා රටේ මුළුමනින්ම විදුලිය එක්වරම අඩපන විය. මෙයද බරපතල තත්ත්වයකි. රටේම විදුලි බලය එක්වරම අඩපණවීම නිසා මුළු රටම අඩපන විය. වෙනත් රටක නම් මෙය විදුලිය පාරිභෝගිකයාට වන්දි ගෙවන තත්වයකි.

විදුලි ගාස්තු ඉක්මනින් අඩු කරන බව පැවසේ. එසේම වැරදි ආකාරයෙන් අයකළ ගාස්තුද මාසිකව ආපසු පාරිභෝගිකයාට ගෙවන වැඩපිළිවෙලක්ද තිබිය යුතුය.

ක්‍රිකට් තහනම ඉවතට – ජයසූරියට මාසයකට ලක්ෂ පනහක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම බොහෝදුරට මේ සතියේ අවසන් වනු ඇත. මේ අතර හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධුරය දරන නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟපන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.

2021 වසරේ සිට ක්‍රියාත්මක වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටුවට දිගින් දිගටම පසුගිය වකවානුවේ චෝදනා එල්ල විය.
මේ අතර හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ කාලීන ක්‍රිකට් උපදේශයකු ලෙස එක්වීමට නියමිතය. ජයසූරියට ලබාදෙනු ඇත්තේ උපාය මාර්ග සැලසුම් කිරීම, තාක්ෂණ සහ පුහුණු කිරීම්, ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය වැනි ප්‍රධාන අංශ කිහිපයකි. මේ සදහා මාසිකව රුපියල් ලක්‍ෂ පනහක මුදලක් ගෙවන කරන ලෙස ජයසුරිය කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇත. හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත්කළ ද පරාජයන්ට වගකිවයුතු පුද්ගලයන් තවමත් විශාල වැටුප් හා පහසුකම් ලබමින් ක්‍රිකට් ආයතනයේ සේවයේ යෙදී සිටින්නේ ලොව කිසිම රටක නැති තනතුරුවලය. මේ විශාල ගෙවීම් රටට ඔරොත්තු දෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. ලයිට් බිල ගෙවා ගන්නට නොහැකිව භික්ෂුන් වහන්සේලා තුන්දෙනෙකු අපවත් වන රටකට උපදේශකයකුට ලක්ෂ පනහක් මාසයකට ගෙවීමේ හැකියාව තිබේ නම් එය රටේ ඇතිනැති පරතරයට ද හොඳ උදාහරණයකි.

මියුසියස් නිල ඇඳුම වෙනස් කරලා – දෙමාපියන් අධිකරණයට – නව විදුහල්පතිනියක් ගෙන ඒමේ සූදානමක් ?

කොළඹ මියුසියස් විද්‍යාලයේ නිල ඇඳුම වෙනස් කිරීම මේ වන විට කරලියට පැමිණ තිබේ. මෙහි මුල් පියවර ලෙස 2024 පළමු වසරට ඇතුලත් කරන දැරියන්හට නව නිල ඇඳුම ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් දෙමාපියන් හා ආදී සිසුවියන් දැඩි විරෝධය පළකරති. මේ අතර උපාධි කඩයකින් ලබා දෙන උපාධියක් මගින් මියුසියස් පෙරපාසලේ ගුරුවරියක මියුසියස් විද්‍යාලයේ මීළඟ විදුහල්පතිනිය ලෙස පත් කිරීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මකව තිබේ. මේ වන විට මියුසියස් විද්‍යාලයේ මෙතෙක් පැවති බෞද්ධ ආගමානුකූල වැඩසටහන් ද ක්‍රමානුකූලව වෙනස් කෙරෙමින් පවතී. මේ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත්වීමක් නොමැත. මේ වන විට දෙමාපියන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වෙමින් සිටිති.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan