ඕස්ට්‍රේලියා යන සල්ලි …

Date:

ඕස්ට්‍රේලියාව යනු අධ්‍යාපනය විකිණීමෙන් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයන රටක්. 2019 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40,068ක්. යකඩ, ගල් අඟුරු හා ස්වභාවික වායු වලින් පසුව ඕස්ට්‍රේලියාව වැඩිම අපනයන ආදායමක් උපයන්නේ අධ්‍යාපනය විකිණීම මගින්. කෝවිඩ් හේතුවෙන් ඉහත ආදායමේ අඩු වීමක් සිදුව ඇතත්, පසුගිය 2022 වසර තුළද ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදලක් උපයා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දත්ත අනුව, 2023 ජනවාරි හා සැප්තැම්බර් අතර කාලය තුළ ශිෂ්‍ය වීසා යටතේ ඕස්ට්‍රේලියාව තුළ ඉගෙන ගත් විදේශ සිසුන් ප්‍රමාණය 746,080ක්. ඒ අතරින් වැඩිම පිරිස චීන හා ඉන්දියානු සිසුන්. ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන රටවල් අතරින් මේ වන විට ලංකාව 12 වන තැන දක්වා පැමිණ තිබෙනවා. 2015 වසර වන විට ලංකාව ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන ප්‍රධාන රටවල් 20 අතර නොසිටියත් ඉන් පසුව ලංකාවේ ස්ථානය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන්නේ පහත ආකාරයටයි.

(source: https://www.education.gov.au/international-education-data-and-research/international-student-numbers-country-state-and-territory)

2016 – 19 (සිසුන් 6,871ක්)

2017 – 16 (සිසුන් 8,766ක්)

2018 – 16 (සිසුන් 10,921ක්)

2019 – 13 (සිසුන් 13,440ක්)

2020 – 13 (සිසුන් 13,336ක්)

2021 – 13 (සිසුන් 11,663ක්)

2022 – 14 (සිසුන් 11,864ක්)

2023 – 12 (සිසුන් 15,270ක්)

පසුගිය 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණනු ලැබූ ප්‍රධාන රටවල් දහය පහත තිබෙනවා.

(source: https://www.education.gov.au/international-education-data-and-research/education-export-income-2021-calendar-year)

චීනය – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5,972යි

ඉන්දියාව – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4,408යි

නේපාලය – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2,579යි

වියට්නාමය – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1,176යි

දකුණු කොරියාව – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 856යි

මැලේසියාව – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 819යි

හොංකොං – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 701යි

පිලිපීනය – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 591යි

කොලොම්බියාව – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 688යි

තායිලන්තය – ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 674යි

ඉහත ප්‍රධාන රටවල් දහය අතර තවමත් ලංකාව නැහැ. කෙසේ වුවත්, මෙම ලැයිස්තුවේ ඊළඟ තැන් කිහිපයෙන් එකක් ලංකාවට හිමිව තිබිය යුතුයි. 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් විදේශ සිසුන්ට අධ්‍යාපනය විකුණා ඉපැයූ මුළු ආදායම වන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදල එම වසරේ විදේශ සිසුන් ගණන වූ 619,371න් බෙදූ විට එක් විදේශ සිසුවෙකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් 42,931ක්. එම මුදල 2023 ශ්‍රී ලාංකික සිසුන් ගණන වන 15,270න් වැඩි කළ විට ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 656ක්. මෙම මුදල අධ්‍යාපන වියදම් ලෙස වසරකට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල පිළිබඳ අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 2022 සිට 2023 දක්වා ඕස්ට්‍රේලියාවේ “අධ්‍යාපන උද්ධමනය” 9.7%ක් ලෙස සැලකූ විට මෙම ඇස්තමේන්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720 දක්වා ඉහළ යනවා.

බොහෝ ශ්‍රී ලාංකිකයින් ස්ථිර පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත යනවා. එසේ යන අයගේ දරුවන්ටද ස්ථිර පදිංචිය හිමි වන නිසා ඔවුන් විසින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වියදම්ද ලංකාවෙන් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. එම මුදලද එකතු කළ විට, අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720ට වඩා වැඩි විය යුතුයි.

මීට අමතරව අධ්‍යාපනය හැර වෙනත් කටයුතු සඳහාද සංක්‍රමණිකයින් විසින් මුදල් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. මෙම මුදලට සාපේක්ෂව වසරකට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රේෂණ ලෙස ලංකාවට ලැබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් පමණයි.

තවත් අමතර කරුණක් ලෙස, අධ්‍යාපනය සඳහා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන සිසුන්ගෙන් වැඩිම පිරිසක් යන්නේ වික්ටෝරියා (මෙල්බර්න්) වෙතයි. එම ප්‍රමාණය 9,474ක් වන අතර වික්ටෝරියා වෙත සිසුන් එවන රටවල් අතරින් පස්වන තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...