VAT බදු පනතට විරුද්ධව ශ්‍රීලනිපයෙන් තීන්දුවක්. ඇමතිකම් ගත් අය මොනවා කරයිද ?

අද (11) දිනයේදී යළිත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ “පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යනුවෙනි.

කෙසේවෙතත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය තනතුරු දරණ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයිනුත් රාජ්‍ය අමාත්‍ය තනතුරු දරණ ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන් සහ ශාන්ත බණ්ඩාර යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුනුත් මෙම තීරණය අනුව වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයිද, එසේත් නැතිනම් ඔවුන් පක්ෂයේ ස්ථාවරයට පිටින් යමින් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරයිද යන්න ප්‍රශ්නයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...