පිහාටුමල් වසන්තයේ සුවඳවත්ම කුසුම බවට බුවනෙක පත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): වසරක් පුරා ගෙවුණු බැඩිමින්ටන් තරගාවලි නිමා කරමිව් එහි උච්ඡතම මොහොතට සමීපව නිමාව දුටු 71 වන ජාතික බැඩිමින්ටන් සූරතාවලියේදී බුවනෙක ගුණතිලක ත්‍රිත්ව සූරතා දිනා ගන්නට සමත් වුණා.එහදී ඔහු කේවල සූරයා වීම සඳහා වර්ථමානයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ලාංකේය ක්‍රීඩකයා ලෙසට සැළකෙන විරෙන් නෙත්තසිංහ පරාජය කිරීම එම ත්‍රිත්ව ජයග්‍රහණ අතර කැපී පෙණෙනම ජයග්‍රහණය ලෙස හැඳින්විය හැකියි.එහිදී ලකුණු තත්ත්වය 21 – 16 සහ 21 – 7 ක් ලෙස සටහන් විය.

විරෙන්ගේ ජාත්‍යන්තර පිටියේ අවසාන තරග කිහිපය තුළ දක්ෂතා දැක්වීමේ යම් හැකිලීමක් දකින්නට තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ ඉන්දුනීසියානු පුහුණුකරු පවසා තිබුණේ ඔහුගේ වයසත් සමඟ සසඳන විට මේ මොහොතේ යම් විවේකයක් දිම වැදගත් බවය.එසේ නොවන්නේනම් ඔහුව මේ දීර්ඝ සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය දරා ගැනීමට හැකි මනසකින් සන්නද්ධ කිරීම යුතුකම විය යුතුය.එය විරේන්ගේ පැත්තෙන් ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිටින තත්ත්වය අනුව ඔලිමිපික් නියෝජනයට ආසන්නව සිටින බැවින් කල්පනා කර බැලිය යුතුව ඇති අතර පරිපාලනයද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේය.මන්ද අවසාන තරගයේ විරේන්ගේ පරාජයට එක හේතුවක් වන්නේ ද බුවනෙක අත්දැකීම් අතින් විරේන්ට වඩා ඉදිරියෙන් සිට මනස කළමණාකරණයට දක්වන හැකියාව බව කීම බුවනෙකගේ ජය සුළු කොට නොතකන, එහෙත් ඇත්තක්ය.

එහෙත් විරේන්ට කේවල අනුසූරතාවයට අමතරව බුවනෙක සමඟ එක්ව පිරිමි යුගල සූරතාවය දිනා ගන්නට ද අවස්ථාව පෑදිණි.එහිදී ඔවුන්ගේ ප්‍රිතිවාදීන් වූයේ ලහිරු වීරසිංහ සහ මධුක දුලාංජන ය.තරගයේ ලකුණු තත්ත්වය 21 – 15 සහ 23 – 21 ලෙස සඳහන් විය.බුවනෙක නටාශා ගුණසේකර සමඟ එක්ව මිශ්‍ර අවසාන තරගය ජයග්‍රහණය කරද්දී ඔවුන්ට එරෙහිව තරග වැදුණේ මධුක දුලාංජන සහ බුත්මි අශිනි ගලගමගේ ය.එම අවසාන තරගයේ ප්‍රතිපලය වූයේ 21 – 13,15 – 21 සහ 21 – 18 ක් ය.

රනිත්මා අවසාන තරගයේ දී වරංගනා හිම්සරණි ජයවර්ධනට එරෙහිව 21 – 10 සහ 21 – 6 ක් ලෙස පහසු ජයග්‍රහණයක් අත් කර ගත්තාය.කාන්තා යුගල තරග අංශයේදී ජනනුවනි අමන්දා ද අල්විස් සහ හසාරා විජයරත්න එක්ව දිලානි තේනුකා අම්බලන්ගොඩගේ සහ රනුමි සුහස්නි මානගේ පරාජයට පත් කළහ.එහිදී ලකුණු තත්ත්වය දැක් වූණේ 15 – 21,21 -9 ක් සහ 21 -18 ක් ලෙස ය.කේවල සූරීය වු රනිත්මා යුගල සහ මිශ්‍ර යුගල තරගවලදී අසාර්ථක වුව ද,ඇය අවුරුදු 19 න් පහළ තරගය ද පහසුවෙන් ජය ගත්තාය.ඒ අනුව ඇයට ද තරගාවලියේ සූරතා ද්විත්වයක හිමිකිරිය වන්නට අවස්ථාව උදා වූවාය.

ජාතික මට්ටමේ විවෘත සූරතාවයන් කිසිවක් එම ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ට නම් කර සිටි කණ්ඩායම්වලට මිශ්‍ර කණ්ඩායම්වලට හෝ කේවල පුද්ගලයන්ට ද හිමි නොවීම මෙහිදී අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.වයස් කාණ්ඩ තරගවලදී ද මේ තත්ත්වය පැහිදිළිව දකින්නට ලැබිණි.ඇතැම් විට මේ තත්ත්වය ජාත්‍යන්තර තරගවලට යොමු වීම් නොසළකා හැරීම් නිසා සිඳු විය හැකිය.ජාත්‍යන්තර මට්ටමේ සහභාගීත්වයන් නොසළකා හරින්නට හේතුව ඒවා සඳහා තේරීම් සහ යොමු කිරීම් සාධාරණ නැද්ද යන්න සළකා බැලිය යුතුය.ඒ අනුව ගත් විට ද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තේරීම් ම අභියෝගයට ලක් වන්නේය.ඇතැම් විට ජාතික තරගාවලියේ දී සහභාගීත්වය සහ ඊට පෙර ශ්‍රේණිගත කිරීම්වල සහභාගීත්වයන් අනුව වෙනස්කම් වීම ද සිඳුවිය හැකිය.එහෙත් එසේ නොවන අවස්ථාවන් ද මෙහිදී ජාත්‍යන්තර මට්ටමේ සහභාගීත්වයන් නොසළකා හැරීම නිසා සිඳු වී ඇති බව ද පැහැදිළිව දකින්නට ලැබිණ.එසේ සළකා බලා මෙවර ශ්‍රේණිගත කිරීම් සිඳුවන බවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් උප සභාපති රොෂාන් ප්‍රනාන්දු මාධ්‍යයට ප්‍රකාශ කළ ද,එම මාධ්‍ය හමුවෙන් පසුව එදා ඔහුගේ දත්ත වෙනස් වී ඇත්තේ එම ශ්‍රේණිගත කිරීම්වලට ආ බලපෑමකින් ජාත්‍යන්තර තත්ත්වය නොසළකා වෙනම මට්ටමකින් ජාතික ශ්‍රේණිගත කිරීම් රඳවා ගන්නට ගත් තීරණයක් නිසා විය යුතුය.

දින තුනක් පුරා ස්ථාන තුනක් ආවරණය වන පරිදි පැවති තරගාවලියේ අවසාන දිනයේ විශේෂ ආරාධිතයින් හැටියට සපැමිණ තිබුණේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ.මහේෂන් සහ ක්‍රීඩා සංවර්ධණ දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ය.ඔවුන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා දැනට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂවරයෙක් ලෙස ද මේ අවස්ථාව නියෝජනය කළ අතර තරගාවලියේ වැඩි බරක් දරමින් එහි සංවිධානයට උරදෙමින්ම අවුරුදු 60 න් ඉහළ පිරිමි යුගල සූරතාවය රොහාන් ප්‍රනාන්දු සමඟ එක්ව ජයග්‍රහණය කළ සභාපති රොහාන් ද සිල්වා ද මේ ජය සංඛේත ප්‍රදානයට එක් වූහ.

තරගාවලියේ තරග විවිධ වයස් කාණ්ඩ යටතේ ද අවධානය යොමු කරමින් පරික්ෂා කිරීමට පහත සඳහන් සබැඳියෙන් තරගාවලියේ සියළු තරග සැළසුම් ක්‍රියාත්මක වූ ආකාරයට පිවිස අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇත.


https://www.tournamentsoftware.com/sport/draws.aspx?id=12e87736-e02e-47ed-8e16-ca3ad3a76e18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...